March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේපාල උඩ වටගල යට

1 min read

මෙම ඡායාරූපය දුලබ එකකි. එය දුලබ වී ඇත්තේ කිසියම් දුබල කමක් නිසාවෙනි. ඒ දුබලකම හා දුලබකම අතර වන වෙනස වටහා ගැනීමට කියන්නේ සඵලකම කියා ය.

මෙහි දකුණු කෙළවර ඉන්නේ ජනාධිපති අනුර කුමාරගේ නීත්‍යානුකූල බිරිඳය. ඇය ජීවත්වූයේ තඹුත්තේගම ආශ්‍රිතව මාතලේ දිස්ත්‍රික්කයට සමීපවය. ඇය ඉපදුණේ මාතලේ දේවහූවේදී ය. ඡායාරූපයේ වම් පසින් ඉන්නේ, ඇයගේ ස්වාමිපුරුෂයා වූ පින්වත් අනුර කුමරු ය. නැතහොත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපති අ(ති)ගරු අනුර කුමාර ය. ඒ අනුව ඡායාරූපයේ දකුණු පසින් සිටිනුයේ, ජනාධිපති ආර්යාව ය. නැතහොත් මල්ලිකා දිසානායක ආර්යාව ය.

මේ දෙදෙනා මේ හිටගෙන සිටින්නේ මොරටුව ප්‍රදේශය වන පල්ලියක මිදුලේ ය. ඒ තම එකම පුතණුවන්යැයි ප්‍රචාරය කර තිබෙන කසුන් දිසානායකගේ විවාහ උත්සවය දිනයේ ය. කසුන් දිසානායක මේ දිනවල ඉන්නේ එංගලන්තයේ ය. ඒ Queen Margarent සරසවියේ ය.

මල්ලිකාට පිටුපසින් සිටිනුයේ අනුර කුමරුගේ අතිජාත සගයකු වූ ආනන්ද විජේපාල ය. අනුර කුමරු කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ය. එහිදී ද ඇමති අනුරගේ පුද්ගලික ලේකම් වූයේ ආනන්ද විජේපාල ය. යහපාලන ආණ්ඩුව පැවති සමයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් දූෂණ මර්දනය භාර දී තිබුණේ අනුර කුමරුට ය. එදා, අගමැති කාර්යාලය තුළ පිහිට වූ දූෂණ මර්දන කාර්යාලයේ ප්‍රධානියා වූයේ ද ආනන්ද විජේපාල ය. එයින් පෙනෙන්නේ ආනන්ද විජේපාල යනු අනුර කුමරුට නැතුවම බැරි කෙනෙක් බව ය.

ජනප්‍රිය පුවත්  ලෙනින්ව චොප්පෙට ගැනීම

මේ විවාහ උත්සවය පැවතුණේ මොරටුව රාවතාවත්ත පල්ලියේ ය. එයට මනමාලයාගේ පැත්තෙන් සහභාගි වී සිටියේ ඉතා සීමිත පිරිසකි. වැඩිදෙනා පැමිණ සිටියේ මනමාලියගේ පැත්තෙන් ය.

තමාගේ අතිශය පෞද්ගලික කටයුත්තක් (එනම් ජ.වි.පෙ. නායක අනුර කුමාරුගේ පුත් කසුන් දිසානායක මොරටුව රාවතාවත්ත පල්ලියේදී සිය ප්‍රේමවන්තිය සමඟ දේවාශීර්වාදය මධ්‍යයේ විවාහ ගිවිස ගැනීම) වූ මෙම අවස්ථාවට අනුර කුමරු ජ.වි.පෙ. කිසිවකු සම්බන්ධ කර ගත්තේ නැත. දන්නා කියන කෙනෙකුට සහභාගී වී සිටියේ ආනන්ද විජේපාල ය. එමගින්ද පෙනෙනුයේ අනුර කුමරු හා ආනන්ද විජේපාල අතර තිබෙන සම්බන්ධය කෙතරම් ප්‍රබල ද යන්න ය.

ආනන්ද විජේපාලට සාපේක්ෂව නීතිඥ සුනිල් වටගල ජ.වි.පෙ. ප්‍රබලයෙකි. ඔහු ජාතික තලයේ භූමිකාවක නියැලී සිටියෙකි. ආනන්ද විජේපාල සිටියේ ප්‍රාදේශීය තලයේ වැඩවල ය. එහෙත් කැබිනට් ඇමති තනතුරු පිරිනමන විට අනුර කුමරු මහජන ආරක්‍ෂාව පිළිබඳ කැබිනට් ඇමති ධූරය පිරිනැමුවේ ආනන්ද විජේපාලට ය. වටගලට ලැබුණේ වැඩකට නැති නියෝජ්‍ය ඇමතිකම ය. එමගින් පෙනෙන්නේ ද අනුර කුමරුට ආනන්ද විජේපාල කොතරම් වැදගත් වන්නකු ද යන්න ය. ඊට සාපේක්ෂව වටගලලා කොපමණ නොවැදගත් ද යන්නය.

ජනප්‍රිය පුවත්  ඩබල් පොකට් සූකර!

මේ ආනන්ද විජේපාලගේ තාත්තා දෙමළ ජාතිකයකු බව ප්‍රකට ය. ඔහුගේ නම කුමාරවේලු වඩිවේල් ය. ආනන්ද විජේපාලගේ නම සතුව දැන් ඒ තාත්තාගේ වාසගම නැත. ඒ වෙනුවට තිබෙන්නේ කුරුකුල මුදියන්සේලාගේ නැමැති අලුත්ම වාසගමක් ය.

කලෙක ශ්‍රී ලංකා පොලිසියේ පහළ මට්ටමින් රාජකාරියේ නියුතු ආනන්ද විජේපාල පොලිසියෙන් ඉවත් කෙරුණේ කොටි සංවිධානයට තොරතුරු සපයනවාද යන සැකය මුල් කරගෙන ය. දැන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඒ ලිපිගොනු කිසිවක් සොයා ගැනීමට ඇත්තේ නැත.

අනුර කුමරුට මේ කුමාරවේලු වඩිවේල්ගේ පුතා මෙච්චර වැදගත් වූයේ ඇයි? ඇමති වූ කල පෞද්ගලික ලේකම්ද ඔහුය. යහපාලනයේදී දූෂණ විමර්ශන බලතල ලබාදෙන විට, එම කාර්යාලයේ ප්‍රධානියා කළේ ද ඔහු ය. වටගලලා යටට යවා, විජේපාලලා කැබිනටුවට ගත්තෙත් ඔහු ය. වෙනකක් තබා කාටත් නොකියා මොරටුව රාවතාවත්ත පල්ලියේ පැවති තම පුතුගේ මගුල ලියාපදිංචි කිරීමේ අවස්ථාවට මනමාලයාගේ පාර්ශවයෙන් සහභාගී වන තුන් හතර දෙනාට ද අනුර කුමරු එකතු කරගත්තේ ද ඔහුවම ය. මෙයින් පෙනෙන්නේ මේ සම්බන්ධය අතිශයින් වැදගත් වී ඇති බව නොවේද?

ජනප්‍රිය පුවත්  ආපදාවේ දේශපාලනය

ඒ වැදගත්වීමේ හේතු මොනවාද? ආනන්ද විජේපාල තම පියාගේ අනන්‍යතාවයෙන් අත්මිදුනේ ඇයි? වෙන නමකින් වෙස් වලා ගත්තෙ ඇයි? උතුරේ බෞද්ධ පුරාවිද්‍යා භූමි දැක්වෙන පුවරුගලවා ඉවත් කරන පුරා විද්‍යා පණතට පටහැනිව ඇප ලබාදීමට පොලීසිය එකඟ වන්‌නේ ඇයි? නිදහස් දිනය දා ඊට එරෙහිව කළු ඇඳ පැළඳගෙන කොටි හිතවාදීන් මාර්ගය පුරා පෙළපාළි යන විට පොලිසිය ඊට ආරක්‍ෂාව සපයන්නේ ඇයි? බුද්ධ ප්‍රතිමාවක් තැබූ වරදට අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ගෙනගිය බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට ඇප ලබාදීමට පොලිසිය විරුද්ධ වන්නේ ඇයි? විජේපාල දන්නා අප නොදන්නා මීට අදාළ හේතු මොනවාද?

අප මේවා කියන්නේ කට කහනවාට ය. ඒ නිසා කිසිවකු ඒවා ගැන සිතා බැලිය යුතු නැත. වරදක් වූවානම් අපට සමාව දෙනු මැනවි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x