November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

වසන්තය කියන්නේ ඇයටයි මටයි…🎶

1 min read

ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතවීමට නියමිත වෙළඳ අමාත්‍ය, කෝටිපති වෘත්තීය සමිති නායක වසන්ත සමරසිංහ එම සංචාරය සඳහා තම පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝධි වික්‍රමසිංහ මෙනෙවිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීනියන් 6 දෙනෙකු සහභාගී කර ගැනීමට ක්‍රියා කර තිබේ. අපගේ විශේෂ විමර්ශන අංශය පෙන්වා දෙන අන්දමට මෙම නිමෝධි වික්‍රමසිංහ මෙනෙවිය හා අමාත්‍යවරයා අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතින බව ද අනාවරණය වේ.

අමාත්‍යවරයාගේ පුද්ගලික කැමැත්ත පරිදි, මෙම සංචාරයට එක්වී ඇති මුළු පිරිස 9කි. එයින් ‘6’ දෙනෙකුම කාන්තාවන් වීම ද විශේෂත්වයකි.

මෙම කාන්තාවන් අතර අමීනියා සාෆි, මෝහින් මෙනෙවිය, ඉෂානි අබේරත්න මෙනෙවිය, රුවන්ති ආරියරත්න මෙනෙවිය, ‌ෙහ්ෂානි කෞෂල්‍යා ප්‍රේමතිලක මෙනෙවිය, පී.ඒන්. සමරවීර මෙනෙවිය ද වේ. ඒ, අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝධි වික්‍රමසිංහ මෙනෙවියට අමතරව ය.

ශ්‍රී ලංකාව තියුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටිය දී නිල විදෙස් සංචාරයක් සඳහා මහජන මුදල් වැය කර නව (09) දෙනෙකු සහභාගී කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු පැවසුවේ ය. මහජන මුදල් ඉතා අරපරිස්සමෙන් වැය කිරීම පිළිබඳ පුරාජේරු කතා කියන ලද පිරිසකගේ පාලනයක් යටතේ මෙය සිදුවීම ප්‍රශ්නය තවත් බරපතළ කරවන්නක් බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ජනප්‍රිය පුවත්  සැප්තැම්බර්වල කැබිනට් වෙනසක් !

නුවන් රත්නායක Underground දේශපාලන වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x