November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රට ඇතුළේ R.S.S. බරටම වැඩ | ලංකාවේ ලොක්කා සෙන්දිල් තොණ්ඩමන් !

1 min read

විශේෂ අනාවරණය

R.S.S. හෙවත් “Rashtriya Swayamsevak Sangh” යනුවෙන් හඳුන්වන ඉන්දියාව කේන්ද්‍ර කොට ගත් හින්දු අන්තවාදී සංවිධානය ශ්‍රී ලංකාව තුළ ඉතා බරපතල අයුරින් ක්‍රියාත්මකව සිටින බව “Lanka Underground” විශේෂ විමර්ශන අංශය මගින් අනාවරණය කොටගෙන තිබේ.

R.S.S. (Rashtriya Swayamsevak Sangh) සංවිධානයේ නිල ලාංඡනය

එහි ශ්‍රී ලංකාව තුළ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, මධ්‍යම පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් ය.

R.S.S. යනු, ඉන්දියාව මූලික කරගෙන, රටවල් ගණනාවක ක්‍රියාත්මක බහුවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක හින්දු අන්තවාදී සංවිධානයකි. එහි ප්‍රධානියා වන්නේ මොහාන් භග්වාට් ය. R.S.S. සංවිධානය සතුව හමුදා අංශයක්, අධ්‍යාපන අංශයක්, සමාජ සුභසාධන අංශයක් ආදී ලෙසින් අංශ ගණනාවක් ක්‍රියාත්මක ය. බී.ජේ.පී. යනු R.S.S. සංවිධනයේ දේශපාලන අංශයයි. ලොව පුරා වෙසෙන හින්දු ආගම අදහන ජනතාව සෙසු ආගම් අදහන ජනතාවට එරෙහිව සංවිධානය කිරීම හා මෙහෙයවීම මෙම සංවිධානය මගින් සිදු කරනු ලබයි. මේ වන විට එම සංවිධානය ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවය සමඟ ද ඉතා සමීපව ක්‍රියාත්මක වේ.

R.S.S. සංවිධානයේ ප්‍රධානී මොහාන් භග්වාට් සහ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා

මෙම අන්තවාදී සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත, උතුරු පළාත මෙන්ම නැගෙනහිර පළාත තුළ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වේ. නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන තුළ හින්දු දේව ප්‍රතිමා තබමින් එම ස්ථාන හින්දු පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස හුවා දක්වමින් ගැටුම් ඇති කර ගැනීමට ක්‍රියා කළ කණ්ඩායම් අයත් වන්නේ ද මෙම R.S.S. සංවිධානයට ය. කොළඹ සිටින ඉන්දියානු තානාපතිවරයාගේ ඉල්ලීම පරිදි, සෙන්දිල් තොණ්ඩමන්ව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධූරයට පත් කරනු ලැබුවේද එම පළාත තුළ R.S.S. බලය ව්‍යාප්ත කිරීමේ පරමාර්ථයෙනි.

ජනප්‍රිය පුවත්  නන්දනගෙන් තවත් බෝම්බයක්! ටිල්වින්, ජගත්, මෙල්රෝයි ''නාසි" බලකායක්!
සෙන්දිල් තොණ්ඩමන් සහ ඉන්දියාවේ පාලක බී.ජේ.පී. පක්ෂයේ ප්‍රභලයකු වන සුබ්‍රමනියම් ස්වාමි

පසුගිය කාලය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ක්‍රීඩා පිටියක R.S.S. පුහුණුව ලබා දීමක් සිදු කර තිබේ. එම කාර්යය සඳහා සම්බන්ධ වී ඇත්තේ සෙන්දිල් තොණ්ඩමන්ගේ මෙහෙයවීම යටතේ, හිටපු නුවරඑළිය ප්‍රා. සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ද වේලු යෝගරාජා විසිණි. ඊට අදාළ ඡායාරූප මේ සමඟ ඵල කොට තිබේ.

හිටපු නුවරඑළිය ප්‍රා. සභා සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු යෝගරාජා
බදුල්ලේ පුහුණුව නිරීක්ෂණය කරන වේලු යෝගරාජා

බදුල්ලේ පැවැති පුහුණුවේ අවස්ථාවක්
බදුල්ලේ පැවැති පුහුණුවේ අවස්ථාවක්

වසර 15 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ රැදී සිටින මනෝහර ගන්ගේජ් නැමැත්තා ද “රෝ” (RAW) සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු ද මෙරට R.S.S. ක්‍රියාකාරිත්වය ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ දායකත්වයක් සපයා දෙනු ලබයි.

මෑතක සිට, වත්මන් ආණ්ඩුව සහ ඊට අයත් දේශපාලන සංවිධාන හා පුද්ගලයන් විසින් මධ්‍ය කඳුකර ප්‍රදේශය “මලයගම්” ලෙස හඳුන්වනු ලබන්නේ ද ඉන්දීය සම්භවයක් සහිත දෙමළ හින්දු ජනයාගේ පාරම්පරික වාසභූමිය ලෙස එම ප්‍රදේශ පිළිබඳ අර්ථකථනයක් ලබාදීමේ මෙහෙයුමේ ආරම්භය ලෙසය. එම නමින් එම ප්‍රදේශ හැඳින්වීමද R.S.S. සංවිධානයේ උපායමාර්ගික උවමනාව අනුව සිදු කරනු ලබන්නකි.

නවදිල්ලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ සමඟ R.S.S. සංවිධානයේ ප්‍රධානින් ඉතා සමීපව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාව තුළ තම සංවිධානය ව්‍යාප්තකර ගැනීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය මිලින්ද මොරගොඩ හිටපු තානාපතිවරයා වෙතින් ලැබී තිබේ. මිලින්ද මොරගොඩ සහ R.S.S. ප්‍රධානී මොහාන් භග්වාට් සිටින ඡායාරූපයක් ද මේ සමඟ ඵල කර ඇත.

ජනප්‍රිය පුවත්  පළාත් සභා ඡන්දය ලබන වසරේ මුල?
R.S.S. ප්‍රධානී මොහාන් භග්වාට් සහ මිලින්ද මොරගොඩ

R.S.S. සංවිධානයේ කාර්යාල නුවරඑළිය, බදුල්ල, යාපනය, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල සහ මහර නගරයේ අප්‍රකටව පවත්වාගෙන යනු ලබන බව Lanka Underground විශේෂ විමර්ශන අංශය අවධාරණය කරනු ලබයි.

විශේෂ විමර්ශන අංශය

Lanka Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x