March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතිනවා” – අස්ගිරි මහ නාහිමි

1 min read

රටේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාස කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපානන් වහන්සේ පවසති. .

අතීතයේ සිට විවිධ ජාතීන් සහ ආගමිකයන් සහෝදරත්වයෙන් ජීවත් වූ රටක් වුවද අද ඇතැම් පිරිස් බුදුදහමට සහ අපේ සංස්කෘතියට විනාශකාරී බලපෑම් එල්ල කිරීමට උත්සාහ ගනිමින් සිටින බව නාහිමියෝ පෙන්වා දෙති.

බදුල්ල මුතියංගණය රජමහා විහාරයේ ඊයේ 18 පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වෙමින් නායක ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ බුදුදහම, ජාතිය සහ ශිෂ්ටාචාරය විනාශ කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටින බවයි.

උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ රටේ මහජනතාව අවදියෙන් සිටිය යුතු බව මහා නා හිමියෝ පෙන්වා දෙති.

රටේ සංස්කෘතිය සහ බුදුදහම ආරක්ෂා කර ගැනීම භික්ෂූන් වහන්සේලාට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව පෙන්වා දෙන මහා නා හිමියෝ ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x