November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මේ එක්කෙනෙක් ද ? දෙන්නෙක් ද ?

1 min read

👉 මේ පින්තූරයේ ඉන්නේ දෙන්නෙක් කියලා ඔබට හිතුණත් ඇත්තටම මේ ඉන්නේ එක් කෙනෙක්.
👉 පළමු පින්තූරයේ ඉන්න පිරිමියාගේ නම විලියම් බෲස් ජෙනර්.
👉 1949 දී අමෙරිකාවේ උපන් විලියම් 1976 දී පිරිමින්ටම වෙන්වූ Decathlon කියන මළල ක්‍රීඩා අංශයෙන් ඔලිම්පික් රන් පදක්කම දිනාගත් ජවසම්පන්න පිරිමියෙක්.
👉 ඒ වගේම ඔහු කසාද තුනකින් දරුවන් හය දෙනෙක් ලැබුණු තාත්තා කෙනෙක්.
👉 1991 දී ඔහු තුන් වැනි වරට විවාහ වෙන්නේ සුප්‍රකට කිම් කාඩෑෂියන්ගේ මව වූ ක්‍රිස් ජෙනර් සමග. ඔහුගේ දරුවන් හය දෙනාගෙන් දෙදෙනෙක් ලැබුණේ ඒ විවාහයෙන්.
👉 මේ සියල්ල මෙසේ වුණත් 2015 වසරේදී මේ පුරුෂයා අසාමාන්‍ය ලෙස කාන්තාවක් බවට පත් වෙනවා. එතකොට ඔහුට වයස අවුරුදු 66ක්.
👉 මේ කාන්තාවගේ නම කේට්ලින් ජෙනර්. ඇය තමයි දෙවැනි පින්තූරයේ ඉන්නේ. ඇය අද ට්‍රාන්ස් ජෙන්ඩර් කාන්තාවක්.
👉 කෘත්‍රිමව තම පුරුෂභාවය වෙනස් කරගත් පසු අද ඇයට ඇත්තේ ගැහැනුත් නොවන පිරිමිත් නොවන අසාමාන්‍ය විකෘති පෙනුමක්. ඇය ස්වභාවික කාන්තාවකට වඩා බොහෝ වෙනස්.
👉 ඉතින් මේ විදිහට කසාද තුනක් කරගත්තු, දරුවන් හය දෙනෙක් හදපු, ඔලිම්පික් පදක්කම් දිනපු ජවසම්පන්න පිරිමියෙක්, අමුතු කාන්තාවක් වීම කිසිසේත්ම ස්වභාවික දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්ද?
👉 ලිංගික දිශානතීන් ගැන ප්‍රශ්නය හුදු ඉතා අහිංසක ස්වභාවික දෙයක් පමණක් බව විශ්වාස කරන අයට මේ කතාව වැදගත් පණිවිඩයක් ලබාදෙනවා.
👉 ඒ ප්‍රශ්නය මුළුමනින්ම ස්වභාව ධර්මයෙන් බැහැර එකක් ලෙස හඳුන්වන්න බැහැ. හැබැයි ස්වභාවික ජීව විද්‍යාත්මක තත්ත්වය අතිශය දරුණු ලෙස ඉක්මවා ගිය විකාර සහගත මැදිහත් වීමක් මේ දේවල් පසුපස තිබෙනවා.
👉 මේ පුද්ගලයා නම් තමන්ගේ කැමැත්තෙන් වැඩිවිය පත් වූ පසු මේ තීරණය ගත් අයෙක් කියන්න පුළුවන්.
👉 ඒත් ප්‍රශ්නය වන්නේ ට්‍රාන්ස් ජෙන්ඩර් ප්‍රවර්ධකයන් හයක් හතරක් නොතේරෙන දරුවන්ට පවා මේ ආකාරයට තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන මානසික ප්‍රශ්න ඇති කොට බලාත්කාරයෙන් එය වෙනස් කිරීමට ඔවුන්ව පෙළඹවීම.
👉 ඒ අනුව මම පිරිමියෙක් හෝ ගැහැනියක් වී ඉපදීම මට මානසික පීඩනයක් නිසා එහි විරුද්ධ පැත්ත තෝරාගැනීම යහපත් යැයි සිතීමට ඔවුන් යොමුවෙනවා.
👉 එතැනින්ද නොනැවතී ඒ පිළිබඳ හිතාමතා තීරණයක් ගැනීමට ඔහුට හෝ ඇයට අවශ්‍ය කාලය ලැබෙන තුරු ස්වභාවික හෝමෝන ක්‍රියාවලිය කෘත්‍රිමව ඖෂධ මගින් නතර කොට ඔහු හෝ ඇය තුළ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වීම, වැඩිවිය පැමිණීම ප්‍රමාද කිරීම පවා සිද්ධ කරනවා. මේකට තමයි Puberty Blocking කියලා කියන්නේ.
👉 ඒ තීරණය ගැනීමෙන් පසු කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, හෝමෝන, ශල්‍යකර්ම, මිල අධික ඖෂධ මගින් ඇයගේ හෝ ඔහුගේ ලිංගිකත්වය වෙනස් කොට පිරිමිත් නොවන ගැහැනුත් නොවන අමුතු ජීවියෙක් බිහිකිරීම සිද්ධ වෙනවා. සමහර විට ඔහුට හෝ ඇයට ජීවිත කාලය පුරාම එහි අහිතකර සෞඛ්‍යමය බලපෑම්වලින් පීඩා විඳීමට සිදුවෙනවා.
👉 මෙය කිසිසේත්ම ස්වභාව ධර්මය නොවෙයි. මෙය ස්වභාව ධර්මයේ නියාමයන් අතිශය සාහසික ලෙස උල්ලංඝනය කරමින් සිදුකරන විකෘති ක්‍රියාවලියක් බව මේ පින්තූරය දිහා බැලුවත් පේනවා.
👉 මෙහි බරපතළකම නිසා තමයි මෑතකදී ස්වීඩනය, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය වැනි රටවල පවා Puberty Blocking නීතිමය වශයෙන් පාලනය කිරීම සිදුවන්නේ. 2022 දී ස්වීඩනයේ National Board of Health and Welfare ආයනතන නිකුත් කළ නිවේදනයක් මගින් වයස 18ට අඩු අය සඳහා ලිංගික හෝමෝන ප්‍රතිකාර සහ වැඩිවිය පැමිණීම සීමා කිරීම අතිවිශේෂ තත්ත්වයකදී පමණක් කළ යුතු බව කියා සිටියා.
👉 මෙවැනි කාරණා පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති ලංකාවේ ඇතැම් අය මේ ඉංග්‍රීසි අකුරු සහිත වර්ණවත් ව්‍යාපෘතිය හුදු සොබාදහමේ ජීව විද්‍යාවේ නියාමයන් මත පදනම් වුණු අහිංසක වැඩක් බව කියන්න නිතර උත්සාහ ගන්නවා.
👉 මේ ව්‍යාපෘතියට ලෝකයේ නන්දෙසින් දැඩි විරෝධයක් එල්ල වෙන්නේ එය හුදු ස්වභාවික ජීව විද්‍යාත්මක ප්‍රශ්නයකින් ඔබ්බට ගිය අන්තවාදී ජාවාරමක් වීම නිසා මිසක, හුදු ස්වභාව දහමෙන් මිනිසුන් තුළ ඇති විවිධත්වයන් පිළිගැනීමට එරෙහිව නොවෙයි.
👉 මේ ඒ ගැඹුරු කාරණය වටහා ගැනීමට උදව් වන එක් ප්‍රකට උදාහරණයක් පමණයි.

ජනප්‍රිය පුවත්  දෙමාපියනි, ගුරුවරුනි, දැන් සැපද?

Next page – Isuru prasanga

Subscribe
Notify of
guest
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudesh Randeniya
Sudesh Randeniya
1 month ago

eka parama hithaganna amaruyi

පොහොට්ටුවා
පොහොට්ටුවා
1 month ago

Munta pissu

Rashmi Sriyalatha
Rashmi Sriyalatha
1 month ago

පිස්සු මගුල්

පොහොට්ටුවා
පොහොට්ටුවා
1 month ago

ඇත්තටම මුන්ට මේ මොකක්ද වෙලා තියෙන්නේ

Themiya Thisera
Themiya Thisera
1 month ago

ඕකත් සියදිවි හානි කරගැනීම වගේ වැඩක්.

Themiya Thisera
Themiya Thisera
1 month ago

ඔය වැඩේ තමයි පුනරුදකාරයෝ මෙහෙත් කරන්න හදන්නෙ

6
0
Would love your thoughts, please comment.x
()
x