March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මූල්‍ය අර්බුදය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිඳ වැටෙන ලකුණු!

1 min read


එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව ත් මේ මත ලබන ජූලි මාසය වන විට එය බිඳ වැටෙන මට්ටමට පැමිණ ඇති බව ත් මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි.

සාමාජික රටවල් නියමිත තම ගෙවීම් සිදුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම අර්බුදයට මුහුණ දී ඇතිව සිය සාමාජික රටවල් 193 වෙත ලිඛිතව දක්වා ඇති මහ ලේකම්වරයා අනතුරු අඟවන්නේ ඉදිරි වැඩසටහන්වලට අවශ්‍ය මුදල් ලබන ජූලි මාසය වන විට අවසන් වන ලකුණු පහළ වී ඇති බව යි

එබැවින් අනිවාර්ය ගෙවීම්වලට ගරු කරන ලෙස හෝ බිඳවැටීම වළක්වා ගැනීම සඳහා සංවිධානයේ මූල්‍ය නීති සංශෝධනය කරන ලෙස ඔහු එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මෙයට ආසනන්තම හේතුව වන්නේ, එක්සත් ජාතීන්ගේ විශාලතම දායකයා වන අමෙරිකාව එහි නිත්‍ය සහ සාම සාධක අය-වැයට දායක වීම ප්‍රතික්ෂේප කර ආයතන කිහිපයකින් ඉවත් වීමෙන් පසුව ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මුදල් සැපයීම එරට “බදු ගෙවන්නන්ගේ ඩොලර් නාස්තියක්” ලෙස යි.

ජනප්‍රිය පුවත්  අපි මරන්න බයත් නෑ! මැරෙන්න බයත් නෑ! ජ.වි.පෙ. රන්ජන්

තවත් සාමාජිකයන් කිහිප දෙනෙකු ගෙවීම් පැහැර හැර හෝ ගෙවීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ද මේ වන විට අනතුරු ඇඟවීමේ සංඥා දක්වා ඇති අතර මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණින් එහි විදුලි සෝපාන නිතිපතා ක්‍රියා විරහිත කිරීම සහ වායු සමන යන්ත්‍ර භාවිතය අවම කිරීමට පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අතීතයේදී මූල්‍ය අර්බුදවලට මුහුණ දී ඇති නමුත් වර්තමාන තත්ත්වය වෙනස් බව ගුටරෙස් සිය ලිපියේ ලියා ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x