March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිත්‍රවරුණි,ඔබේ හිත රිදෙන ඇත්තක් කීමට ඉඩ දෙන්න

1 min read

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැම්මට පස්සේ ආණ්ඩුව තමන්ගේ කවුන්ටර් කැම්පේන් එක පටන් අරගෙන.

මේක දෙමාපියන්ගෙන් මතුවූ අදහසක් නෙවෙයි.

රජයේ, PMD එකෙන් සහ රජයේ ප්‍රොපගැන්ඩා වලින් මතු කරන අදහස්.

එතන අදහස් කිහිපයක් තිබුණා.

⚫ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිසා මහා වටිනා විෂයන් ගණනක් අහිමි වුණා. ඒක මහා පාඩුවක්. ළමයි ඉගෙන ගන්නේ පැරණි විෂය නිර්දේශයක්.

i) අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවුල ලෙස අපි පෙන්නුවේ විෂයන් නෙවෙයි. මොඩියුල් ක්‍රමය.

මොඩියුල් ක්‍රමය නැතිවත් අවශ්‍ය නම් මේ විෂයන්ම උගන්නන්න පුලුවන්. කවුද විරුද්ධ ?

ii) දුක හිතෙන ඇත්තක් කියන්නද ?

ව්‍යවසායකත්වය කියන්නේ කවදාවත් ඉස්කෝලෙක උගන්නලා, ව්‍යවසායකයො හදන්න පුලුවන් විෂයක් නෙවෙයි.

ව්‍යවසායකයො කියන්නේ මැක්‍රො / මයික්‍රො සාධක ගණනාවකින් හැදෙන දෙයක්.

එකක් සංස්කෘතිය, රට, ජාන. දෙවැන්න පවුල් පසුබිම, සමාජය.

ව්‍යවසායකයන් නිර්මාණය වෙන්නේ ඕවායෙන්.

ඇමෙරිකාවේ ඉස්කෝල වල විෂය නිර්දේශයේ ව්‍යවසායකයො වෙන්න උගන්නන්නේ නැහැ. හැබැයි ලෝකේ වැඩිම ව්‍යවසායකයො ඉන්න රට ඇමෙරිකාව.

ඒ සංස්කෘතිය, රට, ජාන.

එංගලන්තය සහ යුරෝපීයයො කොම්පැනි හදන් නැව් වල නැගලා තරුණයො පන්දාහක් විතර ඇවිල්ලා, ලක්ෂ ගානක් මිනිස්සු ජීවත් වෙච්ච අපේ රටවල් පිටින් යටත් කරගත්තා.

ඒක තමයි ව්‍යවසායකත්වය.

අපේ රටට උවමනා වුනා නම්, හැමෝම විරුද්ධ වුණා නම් සුද්දො සම්පූර්ණයෙන්ම විනාශ කරලා නිදහස් වෙන්න තිබුණා.

හැබැයි අපි එහෙම කළේ නැහැ. ඒ අපේ සංස්කෘතිය. ඇමෙරිකානුවන් පැවත එන්නේ අර ඉහත කී එංගලන්ත අධිරාජ්‍යවාදීන්ගෙන්.

iii) පාසල් අධ්‍යාපනයේ දී කරන්නේ වෘත්තිය අධ්‍යාපනය ලබලා දෙන එක නෙවෙයි.

වෘත්තීය අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය කුසලතා වර්ධනය කරන එක.

අපිට පාසල් අධ්‍යාපනයේ උගන්නපු ගොඩක් දේවල් අමතක ඒකයි. එතනදි මූලික න්‍යායයන් සහ කුසලතා ඉගැන්නුවා.

ජනප්‍රිය පුවත්  “ හැලෝවින් “ බෞද්ධයෝ සහ ඔගස්ටින් ලා

ඉතිරි 80%ම එක්තරා ආකාරයක පසුකාලීන අධ්‍යාපනය ලබා ගැනීමට කරන පුහුණුවක්.

ඒ පුහුණුවෙන් තමයි පාඩම් කරන හැටි, කරුණු මතක තියාගන්න හැටි, විභාගයට ලියන හැටි උගන්නන්නේ.

ඇත්තටම පසුකාලීනව උවමනා වෙන්නේ ඒ කුසලතා මිසෙක උගන්නපු කරුණු නෙවෙයි.

ඇත්ත වෘත්තීය අධ්‍යාපනය පටන් ගන්නේ ඉස්කෝලෙන් පස්සෙ.

එක්කො විශ්ව විද්‍යාල වලින්. එක්කො ස්වයං අධ්‍යයනයෙන්. ඇත්තටම මැටර් වෙන්නේ ඒ කෑල්ල.

ඔය අපි පොඩි කාලේ ශ්‍රව්‍ය ගොනු (Audio files) ඉගෙන ගත්තේ නැත කිය කිය ගොන් පාර්ට් දාන අයට නොතේරෙන්නේ ඕක.

ඕඩියො ෆයිල්ස් එක්ක වැඩ කරන හැටි ඉස්කෝලෙක අවුරුද්දක් උගන්නන්න ඕන නෑ.

ඒක පස්සේ ඉන්ටර්නෙට් එකෙ ස්වයං අධ්‍යනය කරලා පැයෙන් ඉගෙන ගන්න පුලුවන් දෙයක්.

වැඩිදුර අධ්‍යාපනයත් එහෙමයි. මිනිස්සු ස්වයංව ඉගෙන ගන්නේ තමන් කැමති, තමන් ෆැෂනේට් විෂයන්.

ඉස්කෝලේ ඕවා ඉගැන්නුවා කියලා ළමයි ඕවා ඉගෙන ගෙන සවුන්ඩ් ඉංජිනීයර්ස්ලා, මියුසික් ප්‍රඩියුසර්ස්ලා වෙන්නේ නැහැ.

එහෙම වෙන්නේ ඒ විෂයට ෆැෂනේට් මිනිස්සු. ඔවුන් ඒ අධ්‍යාපනය ලබා ගන්නේ ගොඩක් වෙලාවට ස්වයං අධ්‍යනයෙන්.

ඉරාජ් වීරරත්න, භාතිය සංතුෂ් ට්‍රැක්ස් හැදුවේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන නෙවෙයි.

තමන් විෂයට ෆැෂනේට් නිසා.

හැබැයි ඒ කාලේ ලංකාවේ කා ලඟවත් නොතිබුණු සම්පත්, අත්දැකීම්, පවුල් පසුබිම ඔවුන්ට තිබුණා.

ඉරාජ් ඇමෙරිකාවේ මියුසික් අහලා, ඒ තාක්ෂණය පාවිච්චි කරලා ඉන්දියානු සංගීතය වෙනස් කළා.

ඊලෝන් මස්ක් ඉලෙක්ට්‍රික් කාර් හදන්නේ එහෙමයි.

ඉෂාර නානායක්කාර ගොඩනැගුණේ එහෙමයි. ඔහුගේ දෙමාපියන්ගේ ආභාෂයෙන්.

‘ජලයේ අසිරිය’ කියලත් එහෙමයි. ඕවා විෂයන් විදියට දැම්මා කියලා අවැඩක් වෙන්නේ නැහැ.

හැබැයි ලංකාවේ හිතන්න බැරි, කරුණු නොදන්න මිනිස්සු හිතන විදියට මහා සේවයක් වෙන්නෙත් නැහැ.

මිත්‍රවරුණි, ඔබට ඔබගේ පොඩි පුතා ඩඩ්ලි සිරිසේන වගේ කරන්න උවමනා නම්, ඔබගේ ලොකු පුතා දශක හතරක් එක් පළාතක ප්‍රධානියා සහ කෙරුමා වූ මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු කරන්න.

ජනප්‍රිය පුවත්  අනුර ඔයා ඒ ප්‍රශ්න බලන්න! ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න!

iv) ලංකාවේ අධ්‍යාපනයේ තරගය තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය නිසා නෙවෙයි.

ලංකාව පොඩි රටක් නිසා. සම්පත් අඩු නිසා. තුන්වන ලෝකයේ රටක් නිසා. ජනගහනය වැඩි නිසා.

අධ්‍යාපනය ලොසිංජර කළා කියලා ඔය තරගය අඩු වෙන්නෙ නැහැ.

සිදුවන්නේ දවසක ලෝක තරගයෙන් පැරදෙන මැට්ටො බිහිවෙන, තවදුරටත් අසමත් කඩා වැටුණු රටක් බිහි වීම විතරයි.

අධ්‍යාපනයේ විතරක් නෙවෙයි.

ලංකාව කාර් එකක් මිලට ගන්න, ගෙයක් හදාගන්න, කසාදයක් කරගන්න පවා තරගයක් පීඩනයක් තියෙන රටක් (ඕවා ලෝකයේ හැමතැනම අඩු වැඩි වශයෙන් තියෙනවා)

ඒ තරගය අඩු වෙන්න නම් අපේ භුමිය පස් ගුණයකින් විතර විශාල වෙලා, තෙල් ලිං කිහිපයක් හමුවෙන්න වගේ දෙයක් හෝ අපි පාවෙලා ගිහින් බටහිර යුරෝපයට සෙට් වීම වගේ දෙයක් වෙන්න ඕන.

එහෙම නොවෙන්න අධ්‍යාපනය ලොසිංජර කරලා තරගය නැති වෙන්නේ නැහැ.

v) ලෝකයේ 99% ක් රටවල අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ ටෙක්ස්ට් බුක්ස් + විභාග මත.

ඕවා නැති රටවල් නැහැ. ගුරු ඇගයීම් කියන්නේ ලෝකයේ ක්‍රියාත්මක නොවන ක්‍රමයක්.

ස්වීඩනයේ පවා විභාග වලට ලකුණු 80% ක් ලිඛිත විභාගයෙන්. ප්‍රායෝගික ලකුණු 20% යි.

මේ ලංකාවට හඳුන්වා දෙන්නේ ලෝකයේ නැති, අසාර්ථක ක්‍රමයක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැබෑ ගැටලුව ඒක මිසක් බඩී. නෙට් නෙවෙයි.

මේවා රටේ මිනිස්සු දන්නේ නැහැ. ඔවුන් අතර සාකච්ඡාවට ලක් වුණේ බඩී ඩොට් නෙට් කුණුහරුපය පමණයි.

vi) ගුරුවරු පිරිසක් මේ ක්‍රමයට කැමතියි නේද ?

සමාවෙන්න ඇත්ත කියනවට. ඒ දරුවො නිසා නෙවෙයි.

මේ ක්‍රමය ක්‍රියාත්මක වුනොත් ගුරුවරුන්ගේ වැඩ 60% කින් විතර අඩු වෙනවා. මහන්සි වෙලා, කෑ ගහලා උගන්නන ඕන නෑ.

ජනප්‍රිය පුවත්  ක්‍රිස්තියානුවාගේ අභාවය

ඒ වගේම ගුරුවරයා පුදුම විදියට බලවත් වෙනවා. දරුවන්ගේ සර්වබලධාරියා ගුරුවරයා වෙනවා.

මෙතෙක් පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරුන්ට පමණක් විවෘත වූ අල්ලස් ලබා ගැනීමේ වරප්‍රසාදය ගුරුවරුන්ටත් ලැබෙනවා.

ගුරුවරු මේ ක්‍රමයට කැමතියි තමයි.

vii) මේ ක්‍රමයේ කාල සටහනක් මම දැක්කා.

ඒ කාල සටහනේ සතියට ගණිත කාලච්ඡේද තිබුණේ තුනයි.

සමාවෙන්න.

ගණිතය වගේ අතිශය වැදගත්, අධ්‍යාපනයේ පදනම දමන විෂයක් සතියට කාලච්ඡේද තුනක් පමණක් උගන්වා ප්‍රමාණවත් නැහැ.

ගණිතය ඉවත් කරන්නේ ළමයින්ගේ පීඩනය ඉවත් කරන්නලු.

මේ කරන්නේ දරුවන් මොට කිරීම විතරයි.

viii) බොහෝ දෙනෙක් මාලිමාව බලයට ගෙනල්ලා හිතුවා හොරකම නවත්තලා ක්ෂණිකව රට දියුණු වෙයි කියලා.

හැබැයි අවුරුද්දක් ගියාට පස්සේ ජීවත් වෙන්න තව අමාරු වුනා මිසෙක කිසිම දෙයක් වෙනස් වුණේ නෑ.

මේ මිනිස්සු හිත හදාගමින් ඉන්න වෙලාව.

එහෙම බැරි කට්ටිය තමයි ඔය කාර් වලට එහෙම ගහලා කුඩු කරන්නේ.

අනිත් කට්ටිය අලුත් හතුරෙක් හොයමින් ඉන්නවා.

ඒ හතුරා පැරණි අධ්‍යාපනය කියලා දැන් ඩෝබි ජෙප්පො හිතන්න අරන්.

ඒක වෙනස් කරලා ළමයින්ට ශ්‍රව්‍ය ගොමු, ජලයේ අසිරිය, ව්‍යවසායකත්වය, මැණික් කර්මාන්තය ඉගැන්නුවම තමන්ගේ ළමයි ඊලෝන් මස්ක් ලා , විනිල් මැණික් ලා, ඉරාජ් ලා එමිනෙම් ලා වගේ වෙලා උන්වත් ඩඩ්ලි සිරිසේනලා විඳින සැප විඳියි කියලා හිත හදාගමින් ඉන්නවා.

පව් මේ රටේ මිනිස්සු.


Laksri K Gamage

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x