මැදපෙරදිග යුදමය තත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි
1 min read
මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.
මේ වන විට මැදපෙරදිග කලාපයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගුවන්සේවා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අද (03) අමාත්‍යාංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පැමිණීමට නියමිත ගුවන්වාර 107ක් සහ පිටත්වීමට නියමිත ගුවන්වාර 98ක් ආදී වශයෙන් සම්පූර්ණ ගුවන්වාර 205ක් අවලංගු වී ඇති බවය.
එමෙන්ම මෙම ගුවන්වාර අවලංගු වීමත් සමග මෙරට තුළ රැඳී සිටින සංචාරකයින් සඳහා සති දෙකක වීසා දිගුවක් ලබා දීමට පියවර ගත් නමුත් ඔවුන් මෙම තත්ත්වය සමග ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය දක්වාම වීසා පහසුකම් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර තීරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පවතින තත්ත්වය තුළ ඇතැම් ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් ගුවන් මගීන් දුෂ්කරතාවට පත් වූ බවත් ඒ අනුව එම ගුවන් නැවත සකස් කිරීම සඳහා සම්පූර්ණ ගුවන් ප්‍රවේශපත්‍ර අවලංගු කිරීමට සිදුවනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ මෙහිදී කිසිදු අවස්ථාවක අතිරේක මුදලක් අය කිරීමකින් තොරව අවලංගු වූ ප්‍රවේශපත්‍ර සඳහා මුදල් නැවත ගෙවීමට සහ වෙනත් ගුවන් ගමනක් සඳහා එය පරිවර්ථනය කිරීමේදී ඒ සඳහාද අතිරේක මුදලක් ගෙවීමකින් තොවර අවශ්‍ය පහසුකම් ලබා දීමටද සියලු ගුවන් සමාගම් මෙහිදී එකඟ වූ බවය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
