January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රී කොටි සමරුවක!

1 min read

යාපනයේ නල්ලූර් හි අලුතින් විවෘත කරන ලද තිලීපන් අනුස්මරණ ශාලාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයකු යැයි සැලකෙන තිලීපන් නොහොත් රාසයියා පාර්දීපන්ගේ පිළිරුවට උපහාර දැක්වීමට ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති පසුගිය සෙනසුරාදා කටයුතු කර ඇත.

රජීවන් නල්ලූර් හි අනුස්මරණ ශාලාවට පැමිණ මන්ත්‍රීවරයා තිලීපන්ගේ පිළිරුවට ගෞරව කළ අතර LTTE ‍ෙදෙේශපාලන අංශ නායකයා සිහිපත් වීම සදහා තබා ඇති ස්මාරක සියල්ල නැරඹිමට ද සහභාගී වී ඇත.

මෙම සතිය මුලදී ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් තිලීපන් අනුස්මරණ ශාලාවට ගොස් තිලීපන් සමරුවට උපහාර දැක්වීමට නියමිතව සිට ඇති අතර දෙමළ ජාතික සංවිධානයේ බාධා කිරීම් හේතුවෙන් ඔහුට තිලීපන් සමරුව සදහා සහභාගීවීමට අවස්ථාවක් ලැබී නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sunil
Sunil
1 month ago

එල්.ටී.ටී.ඊ ව්‍යාප්තවාදය ආණ්ඩුවේ මඟ පෙන්වීම මත ජයටම සිද්ධ වෙනවා නේ…
හරිම ශෝක්😅😅😅

1
0
Would love your thoughts, please comment.x
()
x