මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා සහ පුත්‍රයා කෝටි 2 ක හෙරොයින් එක්ක මාට්ටු…
1 min read
ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන දිස්නා නිරංජලා යන අයගේ ස්වාමිපුරුෂයා හා පුත්‍රයා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 20 ක් සමඟ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (05) දින අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදීය.
Lanka Underground අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් වාර්තා කළේ, එම හෙරොයින් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 2 ඉක්මවන බව යි.
මෙම විදුහල්පතිවරයා අවුරුදු 54 වයසේ සහ පුත්‍රයා අවුරුදු 22 වයසේ පසුවෙනවා.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා.
භාතිය පෙරේරා
Lanka Underground වාර්තාකරු
