මාලිමාවේ මාලි
1 min read
කාලි කියන්නේ කාලි මැණියන්ට ය. බාලි කියන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට ය. පාලි කියන්නේ ඉපැරණි භාෂාවකට ය.
අප අද කතා කරන්නේ කාලි ගැන හෝ බාලි ගැන හෝ පාලි ගැන නොවේ. ඒ වෙනුවට, අප කතා කරන්නේ මාලි ගැන ය. නිකම්ම නිකන් මාලි නොව ලක්මාලි ගැන ය. එසේ මෙසේ මාලි කෙනෙක් ගැන නොව, මාලිමාවේ මාලි ගැනය. ඒ, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර ගැන ය.
ලක්මාලි බෙහෙවින්ම කටකාර ය. කොතරම් කටකාර ද කියතොත් ටිල්වින් සිල්වාට වැඩි වැඩියෙන් රූපවාහිනී සංවාද වලට යවන්නට හිතෙන්නේ ලක්මාලිව ය. ඒවාට ගොස් ලක්මාලි නිකන් එන්නෙත් නැත. සමහරවිට එන්නේ හොඳටම ”නා” ගෙන ය. මැදියම් රැයේ නා ගැනීමේ හැකියාව ඇති ලක්මාලිලා ගොඩක් නැත. ඉන්නේ එකම එක්කෙනෙක් ය. ඒ, අප මේ කියන නීතිඥ ලක්මාලි හේමචන්ද්රම ය.
ඊයේ පෙරේදා ලක්මාලි තම මුඛයෙන් අධිකරණයට ද අභියෝග කළාය. රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචි වී සිටින පිරිසක් ඉවත් කිරීමට අධිකරණය දී ඇති නියෝගයට අනුව කටයුතු නොකරන ලෙස ඇය රාජ්‍ය නිලධාරීන් තොගයක් සිටින සභාවක දී අවධාරණය කළා ය. නීතිඥ ලක්මාලි අධිකරණ නියෝග නොතකා හැර ක්‍රියා කිරීමේ නීතිය හොඳටම හදරා තියෙන බව නම් ඉතා පැහැදිලි ය. දැන් බලාගෙන ගියාම නීතියේ දෙවඟන වන්නේ ලක්මාලි ය. අධිකරණය ඇත්තේ ඇයට යටින් මිස උඩින් නොවේ ය.
නීතියේ දෙවඟන වූ කලී ලඳකි. ලක්මාලි ද ලිඳක් වගේ කටක් සහිත ලඳක් බව පැහැදිලි ය. නීතියේ දෙවඟන නැමැති ලඳ සමඟ ලක්මාලි නම් වූ ලඳ අපි හිතනවාට වඩා සමීප සබඳතාවක් පවත්වනවා විය හැකි ය. ඒ සමීප සම්බන්ධය හේතුකොටගෙන ලක්මාලි සමඟ සුවසේ සැතපෙන ලඳක් බවට නීතියේ දෙවඟන පත්ව සිටිනවා විය හැකිය. දේදුනු වර්ණ සිනමා පටයක් බදු වූ මේ සබඳතාවය හේතු කොට ගෙන ලක්මාලිට නීතියේ දෙවඟන යට වනවා විය යුතු ය. නීතියේ දෙවඟන ලක්මාලිට යට වී සිටින විට ”අධිකරණ නියෝග” බල්ලාට දාන්න යැයි කීමේ බලයක් ඇයට ලැබෙනවා ද විය හැකි ය.
ඒ කොහොම වුවත්, ලක්මාලි වෙනුවට විපක්ෂයේ මොන මාලියෙක් අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන්නැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද හොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ ”වන් ෂොට්” ට සිදු වූ දේ ය. ලක්මාලි ට එසේ වන්නේ නැත.! මාලිමාවේ මාලි ඒ අතින් වාසනාවන්ත ය! නීතියේ දෙවඟන කාන්තාවක් වූ නිසා නීතිය යට කරගෙන සැනසීමේ වාසනාව ඇයට හිමි ය. ඒ අතින් මාලිමාවේ මාලි සෙල්ලං කරන්නේ කාටවත් සෙල්ලං කළ නොහැකි දෙවඟනක් සමඟය. අගමැති හරිනි ද ඒ අතින් ලක්මාලි තරම් වාසනාවන්ත නැත!
