January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ අයවැයත් පරදී

1 min read

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 5කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට විරුද්ධව ඡන්ද 12ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 07ක් පමණී.

එක් සභිකයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති අතර ඒ අනුව පුත්තලම මහ නගර සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.

නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ජන්දෙන් මෙසේ එය පරාජයට පත් විය.

අනතුරුව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් සභාව හෙට දිනය දක්වා කල් තබා රැස්වීමේ වැඩ කටයතු අවසන් කර ඇත.

කෙසේවෙතත් එය නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සදහන් කරමින් සහ එය නිතී විරෝධි බව සදහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දීමට ද කටයුතු කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x