මාරාන්තික උපවාසයට දින 4යි! උපවාසයේ සිටි අයෙකු අදත් රෝහල්ගත කරයි
1 min read
ගුරු සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) හතරවන දිනයටත් ක්‍රියාත්මකයි.
උපවාසයේ නිරත නිලධාරීන්ගේ සුවදුක් විමසීම සදහා ඊයේත් පාර්ශව රැසක් එම ස්ථානයට පැමිණ තිබුණා.
මාරාන්තික උපවාසයේ සිවුවැනි වූ අද (29) උපවාසයේ නිරතව සිටි තවත් සංවර්ධන නිලධාරියෙක් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය.
මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළ පාසල් සංවර්ධන නිලධරීන් සිවුදෙනාගෙන් තවත් නිලධාරීයෙක් මෙසේ අද (29) පෙරවරුවේ රෝහල්ගත කළ අතර මීට පෙර 27 වැනිදා නිලධාරීනියක් අපහසුතා තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළේය.
