March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘‘මම නීතියට ඉහළින් සිටින අයෙක් නෙවෙයි” – සමාජ මාධ්‍ය ප්‍රහාර හමුවේ නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක්!

1 min read

තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් නීතිපති පරින්ද රණසිංහ (කණිෂ්ඨ) මහතා ඊයේ (21) ප්‍රකාශ කළේය. මෑත කාලීනව නීතිපතිවරයා සහ එම දෙපාර්තමේන්තුව ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන දැඩි විවේචන හා ප්‍රහාරයන් හමුවේ ඔහු මේ බව අවධාරණය කළේය.


නීතිපතිවරයා වෙත සහයෝගය පළ කිරීම සඳහා නීතිඥ කණ්ඩායමක් අද නීතිපති දෙපාර්තමේන්තුවේදී ඔහු හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ විය. එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් අතින් යම් වැරදීමක් සිදු වුවහොත් එය නිවැරදි කර ගැනීමට අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිමය පිළියම් පවතින බවයි. හිටපු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය, මෛත්‍රී ගුණරත්න සහ නලින්ද ඉන්දතිස්ස යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, නීතිපතිවරයාට සිය රාජකාරි ස්වාධීනව කරගෙන යාමට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ඔවුහු එහිදී ප්‍රකාශ කළහ.


මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමට එල්ල වන අනවශ්‍ය බලපෑම් වැළැක්වීම රජයේ සහ නීතිය බලාත්මක කරන ආයතනවල වගකීමක් බවයි. නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ජනප්‍රිය පුවත්  මහින්ද සමරසිංහ විදේශ ඇමැති පුටුවට ?

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x