‘‘මම අධ්‍යාපන ඇමැතිකමෙන් ඉවත් වෙනවා!“ හරිනි ජනපතිට දැනුම් දෙයි!
1 min read
තමන් අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (13) රාත්‍රී දැනුම් දී තිබේ. අපගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව, එය අග්‍රාමාත්‍යවරිය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ දුර්කථන මාර්ගයෙනි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකට කල් දැමීම පිළිබඳ තීරණය ගෙන ඇත්තේ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයෙනි. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය රැස්වී ඇත්තේ ජා.නි.පෙ. නායක විමල් වීරවංශ ඇතුළු පිරිස අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහය අරඹන ලද දිනයේ (12) සවස ය. එදින සවස ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැනුවත් කර හෝ ඇයගේ මතය විමසා හෝ නැත. අමාත්‍ය මණ්ඩලයේ දී ද අගමැතිනිය හමුවේ කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා, ඒ පිළිබඳව ඊට පෙර ඇය සමග එම කරුණට අදාළව පෞද්ගලිකව සාකච්ඡා කර නැත.
මෙම කරුණු සියල්ල හේතු කොටගෙන, තම අධ්‍යාපන නිලධාරීන් හමුවේ තමන් පත්ව ඇති අසීරුතාව පිළිබඳ බලවත් සිත් තැවුලට පත්ව ඇති අගමැතිනිය, තමන් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව සිය සමීපතමයන් හමුවේ පවසා තිබේ. පසුව ඇය ඒ බව ජනාධිපතිවරයාට ද දැනුම්වත් කර තිබේ. එහිදී ජනාධිපතිවරයා ඇයට පවසා ඇත්තේ ‘‘කලබල නොවන“ ලෙස ය.
චරිත් කහඳගම LankaUndergroundNews
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
