November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බෙහෙත් මිල පාලනේ සැගවුන ගේම…?

1 min read

පහුගිය දවස්වල ආණ්ඩුවෙන් විශේෂ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කළා.
එනම් ‘ඖෂධ වලට පාලන මිලක්’.
මාලිමා රජය මැදිහත් වී ඖෂධ සඳහා පාලන මිලක් නියම කිරීමට සූදානම් වෙනවා.
එහි බොහෝ කටයුතු දැනටමත් අවසන්.
මේ ප්‍රවෘත්තිය කියවූ සැණින් ඔබට හැඟෙන මුල්ම ප්‍රතිචාරය මොකක්ද ?
‘හොඳ වැඩක්’ කියලා නේද ?
මිනිස්සු හූරගෙන කන ‘ඖෂධ මාෆියාව’ නැති කිරීමේ උත්සාහයක් වගේ නේද ?
ඔව්! ඔවුන්ට අවශ්‍යත් ඔබ එහෙම හිතන්න.
………… ……….. ……….. ………..
මගේ මිත්‍රයෙක් ඉන්නවා.
ඔහු කොලෙස්ටරෝල් සඳහා දිනපතාම ඖෂධයක් (Statin) ලබා ගන්නවා.
එකම ඖෂධ වුනත් එහි වර්ග තුනක් තිබෙනවා.
එක සන්නාමයක බෙහෙත් පෙත්තක් රුපියල් 75ක් පමණ වෙනවා.
ඒ බෙහෙත BP (British Pharmacopoeia). එනම් ඖෂධ සඳහා වන බ්‍රිතාන්‍ය ප්‍රමිතිය සැපිරූ ඖෂධයක්.
එම ඖෂධයේම තවත් සන්නාමයක් තිබෙනවා. එහි බෙහෙත් පෙත්තක් රුපියල් 24 ක් පමණ වෙනවා.
එය IP (Indian Pharmacopoeia) එනම් ඉන්දියානු ප්‍රමිතිය සැපිරූ බෙහෙතක්.
එමෙන්ම මේ බෙහෙතම SPC විසින් වෙළඳපොලට නිකුත් කරනවා.
එහි බෙහෙත් පෙත්තක් රුපියල් 4 යි.
එකම බෙහෙත, සන්නාම තුනකින්, ප්‍රමිතීන් තුනකින් මිල තුනකට පවතිනවා.
එකක් රුපියල් 75 යි. අනෙක රුපියල් 24 යි. අනෙක රුපියල් 4 යි. විශාල වෙනසක්.
මගේ මිත්‍රයා පාවිච්චි කරන්නේ BP එනම් බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධය.
…………… ……….. ……………. …………..
ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ ප්‍රධාන වශයෙන් ප්‍රමිතීන් තුනකට අයත් වෙනවා.
1) BP – බ්‍රිතාන්‍ය ප්‍රමිතිය
2) USP – ඇමෙරිකානු එක්සත් ජනපද ප්‍රමිතිය
3) IP – ඉන්දියානු ප්‍රමිතිය
ඔබ මිලට ගන්නා බෙහෙත් වලත් මේ අකුරු සටහන් කර ඇති. පරීක්ෂා කර බලන්න.
එකම ඖෂධය වුනත් මේ ප්‍රමිතීන් වෙනස්.
උදාහරණයක් ලෙස ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍යය ප්‍රමිතියේ ඖෂධ (සාපේක්ෂව) උසස් යයි සැලකිය හැකියි.
එයට හේතුව ඒ ඖෂධ වලට පවතින ප්‍රමිතීන් ඉතා ඉහළයි. එමෙන්ම ඖෂධ නිපදවීමට යොදාගන්නා තාක්ෂණය සහ පිරිවැය ඉතා ඉහළයි.
ඒ ඖෂධ උදෙසා සිදු කරන සායනික පරීක්ෂණ වැඩියි. එමෙන්ම ඖෂධයක් පිළිගැනීමට නම් සාධනය කළ යුතු අවශ්‍යතා බොහෝයි.
මේ ප්‍රමිතීන් නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන BP / USP ඖෂධ අනෙකුත් ඖෂධ වලට වඩා මිලෙන් වැඩියි.
නමුත් IP හෙවත් ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ මිලෙන් අඩුයි.
ඉන්දියාව දැන් මහා පරිමානයෙන් ඖෂධ නිපදනවා.
ඔවුන්ගේ ඖෂධ මිලෙන් අඩුයි.
එමෙන්ම තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් ද සාපේක්ෂව අඩුයි.
ඉන්දියානු ඖෂධ වලට එතරම් දැඩි නියාමනයක් සහ පාලනයක් (බ්‍රිතානයේ සහ ඇමෙරිකාවේ තරම්) නැහැ.
ඔවුන්ගේ ප්‍රධාන වෙළඳපල දකුණු ආසියාව.
එම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන ඉන්දියානු ඖෂධ, ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රමිතියේ ඖෂධ වලට වඩා මිලෙන් අඩුයි.
…………….. ……………… …………..
ඖෂධ පාලන මිලක් දැමීමෙන් රජය සිදු කරන්නේ මොකක්ද ?
උදාහරණයක් ලෙසට මගේ මිත්‍රයා ලබා ගන්නා ඖෂධයේ උපරිම පාලන මිල රුපියල් 25 ක් කරනවා.
එවිට සිදුවන්නේ කුමක්ද ?
බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධය රුපියල් 25 ට අලෙවි කරන්න බැහැ.
ලාභය කපා දැමුමත් එය රුපියල් 25 ට අලෙවි කළ නොහැකියි.
රුපියල් 75 ඖෂධය, 70 ට අලෙවි කළත් 25 ට අලෙවි කළ නොහැකියි.
එම නිසා ඔවුන්ට ඉතිරිව ඇති එකම විකල්පය ශ්‍රී ලංකාව හැරයාම පමණයි.
නමුත් ඉන්දියානු බෙහෙත් පෙත්ත රුපියල් 25 ට විකිණිය හැකියි.
අවශ්‍ය නම් රුපියල් 4 ට ලබා දෙන SPC පෙත්තත්, රුපියල් 25 ක් දක්වා ඉහළ දමා ඉන්දියානු බෙහෙත් පෙත්තට ඇති තරගකාරීත්වය නැති කළ හැකියි.
මේ ඖෂධ පාලන මිලෙන් සිදු කරන්නේ එක් රැයකින් බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු ප්‍රමිතියේ ඖෂධ ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු බෙහෙත් ඒකාධිකාරියකට පිටිය සැකසීම පමණයි.
එමගින් ආර්ථිකමය වශයෙන් රුපියල් 75 BP ඖෂධය ලබා ගත හැකි පුද්ගලයාට, ඉන්දියානු ඖෂධය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති වෙනවා.
සැබැවින්ම ඖෂධ පාලන මිලක් දැමීමේ යථාර්තය ඒක.
මින්පෙර මේ ක්‍රියාවම පැරසිටමෝල් සඳහා සිදු කළා.
සිදු වූණේ එතෙක් යුරෝපයෙන් ගෙන්වූ උසස් තත්ත්වයේ පැරසිටමෝල් ශ්‍රී ලංකා වෙළඳපොලේ නැතිවීම සහ ඉන්දියානු පැරසිටමෝල් එකම විකල්පය වීම පමණයි.
එයින් ඉන්දියානු පැරසිටමෝල් වල මිල රුපියලකින් හෝ ඉහළ ගියා මිසෙක සතයකින් හෝ පහළ ගියේ නැහැ.
අදත් ඔබ පැරසිටමෝල් මිලට ගන්නේ එදා මිලටමයි. පාලන මිලෙන් සිදුවූයේ ඔබට යුරෝපීය පැරසිටමෝල් අහිමි වීම පමණයි.
ඉතින් මේ ඖෂධ පාලන මිල යනු මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ ව්‍යාපෘතියක්.
එමගින් උසස් තත්ත්වයේ ඖෂධ ශ්‍රී ලාංකිකයාට ඇහැරීම මිසෙක, එක සතයකින් ඖෂධ මිල පහල යන්නේ නැහැ.
……………. ………… …………. ………..
මෙය සිදුවන්නේ පසුගිය දා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් එක් ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස විය හැකියි.
ගිවිසුම් අත්සන් කළ සැණින්ම පුබුදු ජයගොඩ මේ පිළිබඳව හෙළිදරව්වක් කළා.
නමුත් නලින්ද ජයතිස්ස සුපුරුදු උද්ධච්ඡ ස්වරණයෙන් සහ විහිලුවෙන් එය ප්‍රතික්ෂේප කළා.
ගිවිසුම් හත රජය ප්‍රසිද්ධ නොකළත් මේ සිදුවන ක්‍රියා අනුව අදාල ගිවිසුම් වල අන්තර්ගතය අපිට උපකල්පනය කළ හැකියි.
මේ රුපියල් බිලියන ගණනක් වටිනා මෙරට ඖෂධ වෙළඳපොල තනිකරම ඉන්දියාවට පාවා දීමේ උත්සාහයක්.
එමෙන්ම ඔබට උසස් ප්‍රමිතියේ ඖෂධ ලබා ගැනීමට ඇති අවස්ථාවන් නැති කිරීමක්.
එදා ඉන්දියාවෙන් ළූණූ ආනයනය කළ පිටකොටුවේ ව්‍යාපාරිකයා සහ ඉන්දියානු ළුණූ විකිණු සිල්ලර කඩේ මුදලාලි ඝාතනය කළ ජවිපෙ, අද බලයට පත් වී, බල ලෝභකම නිසා, ඉන්දියාව තරහා කර ගැනීමේ අකමැත්ත මත ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය ඉන්දියාවට පාවා දෙන්නේ මෙලෙසයි.

ජනප්‍රිය පුවත්  අනුර ඔයා ඒ ප්‍රශ්න බලන්න! ක්‍රිකට් ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කරන්න ඉඩ දෙන්න!

උපුටා ගැනීම: Sachin Rathwatte ෆේස්බුක් පිටුවෙන්

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x