November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බෙනිටා ඉන්නේ දුකෙන් !

1 min read

නො: 56, රොස්මිඩ් පෙදෙස පිහිටි නිවසක තම සොයුරිය සමග තනිව ගත කරන බෙනිටා කතෝලික දහම අදහන කාන්තාවකි. ඇගේ සම්පූර්ණ නම වනුයේ, බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රීය. ඇය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේද සාමාජිකාවක වූවාය.

බෙනිටා ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සමඟ

පසුගිය ” ගෝඨා ගෝ හෝම්” අරගල සමය තුළ බෙනිටා එවකට විපක්ෂ මන්ත්‍රී, ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක සමග සමීපවම මිත්‍ර වූවාය. එය කොපමණ සමීප මිත්‍රත්වයක්ද යත්, ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රාත්‍රී ආහාරය ගැනීම පිණිස අනුර ගියේ රොස්මිඩ් පෙදෙසෙහි පිහිටි බෙනිටාගේ නිවසට ය. ජනාධිපති අනුරගේ මවගේ සුව දුක් පවා සමීපව සොයා බැලීමට තරම් පසුගිය කාලය තුළ ඇය කාරුණික වූවා ය.

බෙනිටා ප්‍රිශාන්ති හෙට්ටිතන්ත්‍රී


කෙසේ වෙතත්, මැදි වියේ කාන්තාවක වූ බෙනිටා දැන් ඉන්නේ එතරම් හිත සතුටෙන් නොවේ. ඒ, ජනාධිපති අනුරගේ ලෝකය තුළ තමන්ට තිබූ “ඉඩ” දැන් “බෝන් අගේන්” ප්‍රමිෂ්කා විසින් අත්පත් කරගෙන තිබෙන බැවිණි. ඇය ඒ පිළිබඳව තම වේදනාව සිය සමීපතමයන් කිහිප දෙනෙකු සමගම පසුගිය දා බෙදා හදාගෙන තිබුණි.

UnderGround විශේෂ වාර්තාකරු

ජනප්‍රිය පුවත්  මහ බැංකු අධිපතිගේ මාටියා ගැහිල්ල මෙන්න !

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x