January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බිස්නස්කාරයෝ ආණ්ඩුව යූස් කරන හැටි!

1 min read

අපි මේ ගෙවන්නේ මහ කරුම කාලයක් ය…


ඔබ හිතනවට වඩා මේ රටේ මිනිස්සු මහ විශාල රැවටීමකට ලක් වෙලා ඉන්නෙ…
අපේ රටේ සල්ලි හැමපැත්තෙන්ම හොරකමට ලක් වෙලා..


ව්‍යසනයේ සහන නමින් ලැබෙන මුදල් මාලිමාව මේ වෙනකොට විශාල වශයෙන් හොරකම් කරමින් සිටියි…
ඒවා ඉතා සුළු පටු හොරකම් යැයි සිතෙන අවස්ථාවක් ගැන මං මේ කියන්න හදන්නෙ…
මේ වෙනකොට ලංකාවේ සිටින ඉහළ පෙලේ සියලු ව්‍යාපාරිකයන් මේ මෝඩ ආණ්ඩුව අන්දගෙන කෝටී ප්‍රකෝටි ගණන් ගසාකමින් සිටියි…


ව්‍යාපාර ගැන අල්ප මාත්‍රයක දැණුමක් හෝ නැති මරිමෝඩ ආණ්ඩුව මේ වන විට ව්‍යාපාරික මෝරුන්ගේ අතකොලුවක් රූකඩයක් බවට පත්ව ඇත….


අනුර ජනාධිපති ප්‍රමුඛ ජවිපෙ ප්‍රධාන පෙලේ පුද්ගලයින් අවුරුදු 40/50 දේශපාලනය තුල නිරත උවත් බලය ලැබුණමනෙ දැන ගත්තෙ වැඩ බැරි කයිතන්ලා බව…..


එහෙම අය ඉතින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගේම් ගැන දන්නෙ කොහොමද…. මෙලො දැණුමක් නැතිව….
ඉතින් ඒ බව දන්න…රටේ ප්‍රධාන පෙලේ බිස්නස් කාරයෝ ටික මේ ආණ්ඩුව සෙල්ලම් බඩුවක් වගෙ යූස් කරමින් ඉන්නෙ තමන්ගේ ප්‍රයෝජන වෙනුවෙන්….

ජනප්‍රිය පුවත්  බාල බෙහෙත් අපට පොවන පාලන මිල


මේ කතාව කොටස් වෙළඳපොළ මාෆියාව ගැනය…
රටම මහ ව්‍යසනයකට මුහුණ දීලා ඉන්න වෙලාවක..
රටට විදෙස් ආයෝජනය ගලා ඒම නැවතිලා තිබෙන වෙලාවක…
රටේ වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩි වී තිබෙන මොහොතක…
කොහොමද කොටස් වෙළඳපොළ up වෙන්නෙ….
High foreign selling pressure එකකුයි
Domestic buying pressure එකකුයි තියෙන්නෙ මේ වෙලාවේ…


මේ රටට ආයෝජන ගලා එන වෙලාවක් නෙවෙයි නම්…
සුද්දො Share ටික Sell කරල අයින් වෙනව නම්…
මෙතන තනිකරම වෙන්නෙ Market Manipulation එකක්
ලංකාවේ ඉන්න Market Whales (මෝරු) ලා ටික
Share price එක උඩට අරන් ගිහින් උඩින් අතාරිනවා….
අහිංසකයො පොඩි පොඩි ආයෝජකයෝ ( Retailers ) ලා
Overvalued Share ටික ගොඩ ගහ ගන්නවා…
උදේම ලොකු Buying pressure එකක් පෙන්නල…


සිල්ලර ආයෝජකයෝ ටික උසි ගන්නලා මෝරු ටික තමන්ගේ Share ටික පොඩි උන්ගෙ Portfolio වලට පටවනවා
මේ පහර වැඩේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිල දන්නවා උනත් කට පු# වහගෙන ඉන්න වෙලා තියෙන්නෙ
මොකද මේ වෙලාවේ සිවිල් පුරවැසියන්ට ආණ්ඩුව අප්පිරිය වේගෙන එද්දි…

ජනප්‍රිය පුවත්  වතු කම්කරු ඇන්දිල්ල


ව්‍යාපාරිකයනුත් ඒකට එකතු උනොත් මාස 6 ක් වත් මේ ආණ්ඩුවට විධායක බලයේ ඉන්න වෙන එකක් නෑ කියන එක මොවුන් දන්නවා..


තමන්ගේ දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් රටේ කුඩා ආයෝජනකන්ගෙ සල්ලි බිල්ලට දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා..


දේශපාලනයත් දන්නෙ නැති පරිපාලනයේ දැණුම බිංදුවක් වූ මේ ආණ්ඩුව…
මේ රටේ මිනිස්සුන්ව සෑම තැනකින්ම පහත හෙළනවාය…


අපි මේ ආණ්ඩුවට කියන්නෙ මේ පාහර වැඩේ නවත්වන්න ජනාධිපති අකුදි මැදිහත් විය යුතුමය..
මාෆියා කාරයින්ට අවශ්‍ය විදිහට මේ රටේ මුල්‍ය පාලනය සිදුවීමට ඉඩදුනහොත්
ජනතාව ඉතා ඉක්මනින් කෝපාවිෂ්ට වී දෂ්ඨ කරන
මොහොතට මුහුණ දීමට ඔබ අනිවාර්යයෙන්ම සුදානම් විය යුතුමය…


අනුර ජනාධිපතිතුමණි මේ රට සූරාකන ඔබේ ව්‍යාපාරික මෝරුන්ගෙ මාෆියාව ඉතා ඉක්මනින් ම නවත්වන්න
නැතිනම් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන ඉන්න

SAPUMALWIJEWARDHANA

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x