බාල ගල් අඟුරු ජ.වි.පෙ දෙදරයි !
1 min read
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගනු – දෙනුව විසින් ආණ්ඩුවේ ප්‍රතිරූපය බරපතල ලෙස කෙලෙසීමට ලක්ව ඇති නිසා, එම හානි අවම කර ගැනීමට පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ව එම දුරින් ඉවත් කර යුතු යැයි බිමල් රත්නායක ඇතුළු ජ.වි.පෙ ප්‍රබලයින් කණ්ඩායමක් සිය පක්ෂය තුළ අරගලයක නියැලී සිටි.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ගල් අඟුරු පිළිබඳ විවාදයට ද බිමල් රත්නායක සහභාගී වී නැත. ඔහු පවසා ඇත්තේ තමන්ට රෙද්දක් ඇදගෙන එම විවාදයට සහභාගි විය නොහැකි බව ය. එම අවස්ථාව වන විට ඉන්දියාවේ සිටි ජනාධිපති අනුර කුමාර පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට දුරකථනය මගින් සම්බන්ධ වී වෙන වෙනම උපදෙස් දී ඇත්තේ අදාළ විවාදයට සහභාගී වී විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් අදහස් පළ කරන මෙන්ය.
බිමල් රත්නායක ඇතුළු පිරිස අදාළ අමාත්‍යවරයා වහාම ඉවත් කළ යුතුයි යන මතය දැරුවද, ජනාධිපතිවරයාගේ උපදෙස් මත නලින් ද ජයතිස්ස ඇතුළු පිරිසක් එය එසේ නොකළ යුතුයි යන ස්ථාවරයේ පිහිටා අදහස් දක්වමින් තිබේ. ඒ අනුව බාල ගල් අඟුරු ගනු – දෙනුව හේතු කොට ගෙන ජ.වි.පෙ අභ්‍යන්තරයේ බලවත් දෙදරීමක් ඇතිව තිබේ. ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම දෙදරීම සමනය කිරීමට උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නැත.
- කමල් අරුණසිරි
