March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බංග්ලාදේශ මහ මැතිවරණය අද

1 min read

බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි.

විරෝධතා හමුවේ රටින් පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටී. ඒ ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේය.

බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. එහි සුළුතරය වන්නේ හින්දුවරුන්ය. දැඩි අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් බංග්ලාදේශයේ තම ආධිපත්‍ය පතුරුවමින් හින්දු විරෝධී ක්‍රියාකාරකම්වල නියැලෙන අතර අද (12) පැවැත්වෙනු ඇත්තේ, බංග්ලාදේශයේ 13 වැනි මහ මැතිවරණයයි. ඡන්ද විමසීම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 299ක් පුරා උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා පැවැත් වීමට නියමිත බව මැතිවරණ බලධාරීහු පවසති. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වනු ඇත.

මැතිවරණ කොට්ඨාස 299ක ඡන්ද විමසීම් මෙහෙයවීම සඳහා 800,000ක ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් පිරිසක් සහභාගී වන අතර මෙවර දේශපාලන පක්ෂ 50 ක් තරග බිමට පිවිස සිටී. ස්වාධීන අපේක්ෂකයන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 2,028 දෙනෙකු තරග වදින බව ද පැවැසෙයි.

ජනප්‍රිය පුවත්  පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3 ක් මරුට

ඒ අතරින් අභාවප්‍රාප්ත වූ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරියෙන් සිටින බව මාධ්‍ය වාර්කා පෙන්වා දෙයි. පක්ෂයට නායකත්වය දෙන්නේ සියාගේ පුත්‍රයා වන තරීක් රෙහ්මාන් ය.

මැතිවරණයේ විනිවිදභාවය ඉහළ නැංවීමට සහ මැතිවරණ වංචා වැළැක්වීම සඳහා ප්‍රථම වතාවට ඩ්‍රෝන යානා සහ සිරුරේ රැඳවිය හැකි කැමරා ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයි ද මැතිවරණ බලධාරීහු පවසති. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 958,000ක් යොදවා ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.

මීට අමතරව 100,000කට අධික යුද හමුදා භට පිරිසක් ද මැතිවරණ සේවයේ යොදවා ඇත. ඩකා අගනුවර ප්‍රධාන ප්‍රදේශ පුරා සන්නද්ධ රථ සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ බළඇණි ස්ථානගත කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අපේක්ෂකයකුගේ හදිසි අභාවය හේතුවෙන් ෂර්පූර්-3 මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද විමසීම මැතිවරණ කොමිසම විසින් අවලංගු කර ඇතැයි ද වාර්තා වේ.

පාකිස්තානය, භූතානය, ශ්‍රී ලංකාව, නේපාලය, චීනය සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් කිහිපයක් බංග්ලාදේශයට මැතිවරණ නිරීක්ෂකයන් එවා ඇති නමුත් ඉන්දියාව මෙවර කිසිදු නිරීක්ෂකයෙකු එවා නොමැති බව ද මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් 100කට ආසන්න පිරිසක් සහ විදේශීය මාධ්‍යවේදීහු 197 දෙනකු බංග්ලාදේශයේ රැඳී සිටින බව බංග්ලාදේශ මාධ්‍ය පවසයි.

ජනප්‍රිය පුවත්  චීනයේ දළ දේශිය නිෂ්පාදිතය වාර්තාගත ලෙස ඉහළට!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x