November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

‘පොහොසත් රටට’ නකල්ස් ලෝක උරුමය අයිති නැති ද? මනුවර්ණලා ලෝක උරුමය විනාශ කරන හැටි!

1 min read

නකල්ස් සංචාරක කවය සහ නකල්ස් සෆාරි ජීප් හිමිකරුවන් කිහිපදෙනෙකු එක් ව වත්මන් ආණ්ඩුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. එම්. බස්නායක සහ ජගත් මනුවර්ණ සමඟ සාකච්ඡා කර නකල්ස් සංරක්ෂණ වනාන්තරය නැතහොත් නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ පිහිටි තංගප්පුව සිට අට්ටලමෙට්ටුව, කෝබට්ස්ගැප් දක්වා විහිදී ඇති කිලෝමීටර 8 ක් පමණ දිගින් යුතු ඉතා ම සංවේදී කඳුකර වනාන්තර පද්ධතිය තුළින් විහිදී ඇති වනමංපෙත කාපට් අතුරා සකස් කිරීමට සහ සෆාරි ජීප් රථ ධාවනය කිරීම සඳහා අනුමැතිය ලබා ගෙන තිබේ.

ජගත් මනුවර්ණ මන්ත්‍රිවරයා ගේ මැදිහත්වීම මත මෙම මාර්ගය සකස් කිරීමට නීති විරෝධී අනුමැතිය පළමු ව ලබා දී ඇත්තේ නකල්ස් සංචාරක කවයේ නිලධාරීන් ගේ මැදිහත්වීම මත ය. ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුව මගින් සංචාරක ව්‍යාපාරය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා 2025 අගෝස්තු මස 22 වන දින තංගප්පුව, රංගල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවති සාකච්ඡාවේ දී එම අනුමැතිය ලබා දී තිබේ. එම රැස්වීම සඳහා ජගත් මනුවර්ණ මන්ත්‍රිවරයාට අමතර ව සංචාරක අමාත්‍යවරයා ගේ පෞද්ගලික ලේකම්, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වී තිබේ.

ජනප්‍රිය පුවත්  විදුලිය ඇමැතිගේ ගෝලයෝ වෘත්තිය සමිති නායකයාට පහර දෙති !

ඒ අනුව වත්මන් රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සංකල්පය යටතේ තංගප්පුව සිට කෝර්බට්ස්ගැප් දක්වා නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ පිහිටි කිලෝමීටර 8 ක් පමණ වන කඳුකර වනමංපෙතේ බෝක්කු සකස් කර, මාර්ගය පුළුල් කර, කාපට් ඇතිරීමට නියමිත ව ඇත.

ඒ අතරතුර 2025 සැප්තැම්බර් මස 30 වන දින හා ඔක්තෝබර් මස 30 වන දින මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී, නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ නීති විරෝධී ඉඩම් ජාවාරම් ඇතුළු හානිකර ක්‍රියාවල අඛණ්ඩ ව නිරත වන හෝටල් හිමිකරුවන් හා සෆාරි ජීප් හිමිකරුවන් කිහිපදෙනෙකු ගේ යෝජනාවක් මත ඊ. එම්. බස්නායක මන්ත්‍රිවරයා හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර විසින් මෙම වනමංපෙත විවෘත කර එහි සෆාරි ජීප් රථ ධාවනයට නීති විරෝධී ව අවසර ලබා දී තිබේ. මේ සියල්ල සිදු වන්නේ නකල්ස් හෙවත් දුම්බර අඩවියේ ඉතා ම සංවේදී මෙන් ම දුම්බර අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ රැසක ගේ ප්‍රධාන වාසස්ථානයක් තුළ වීම කණගාටුවට කරුණකි.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x