March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පේරාදෙණිය පාලමේ වැඩ නවත්තලා… නුවරට කෝච්චියේ යන එක හීනයක් වෙලා… උද්දච්ච බිමල් වෙනුවට ප්‍රසන්න ඇමති කරන්න…! – දුම්රිය ස්ථානාධිපති සංගමය…

1 min read

දිට්වා සුළි කුණාටුව පැමිණ මේ වන විට මාස තුනක් ගත වුවද දුම්රිය මාර්ග පිළිසකර කිරීමේ කටයුතු ඉතාම මන්දගාමීව සිදුවන බවත් මහනුවර සිට දෛනිකව කොළඹ මගීන් මේ නිසා බලවත් අසීරුතාවට පත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.

පේරාදෙණිය පාලම අප්‍රේල් 28 වෙනිදා වන විට නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කරන බව ඇමතිවරයා ප්‍රකාශ කළද මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු නවතා දමා ඇතැයිද ඔහු චෝදනා කරයි.

එයට හේතුව ඇමතිවරයා අත්තනෝමතික ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය (CECB)මගින් සිදුකළ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන් ප්‍රශ්න කිරීම එහි ඉදිකිරීම් නවතා ඒ පිළිබඳ කමිටුවක් පත්කිරීම බවද සුමේධ සෝමරත්න පෙන්වා දෙයි.

මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන් සම්බන්ධ කරගෙන එම කටයුතු සිදුනොකර මහජන මුදල් මේ ආකාරයට ඇමතිවරයාට උවමනා ආකාරයට වියදම් කළ හැකිදැයි ඔහු ප්‍රශ්න කරන අතර පාලම නැවත ඉදිකළ යුතු බවට නිගමනය කළහොත් කෙතරම් මුදලක් නාස්ති වන්නේ දැයි ප්‍රශ්න කරයි.

දුම්රිය නිලධාරීන් හෝ වෘත්තීය සමිතිවලට හෝ ඇහුන්කන් නොදී තමන්ගේ හිතුමතයට වැඩ කරන ඇමතිවරයා ඉවත් කර සෙසු කණ්ඩායම්වලට ඇහුන්කම් දීමට හෝ සූදානම් නි.ඇමතිවරයාට ඇමති ධුරය ලබා දෙන ලෙසද සුමේධ සෝමරත්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ජනප්‍රිය පුවත්  ඉන්දියාව සමඟ තව ගිවිසුම් 33ක්! කැබිනට් අනුමැතිය ලැබේ!

දිට්වා ආපදාව සහ තවත් හේතු නිසා දුම්රියේ ආදායම 20% දක්වා පහත වැටී ඇති බවත් මේ ආකාරයට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වුවහොත් නුවරට දුම්රියක යෑම සිහිනයක් වනු ඇතැයිද දළදා පෙරහැර සමයටද එය බලපෑම් කරනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x