පාස්කු ප්‍රහාරයේ මහමොළකරු මෙන්න! මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හෙළිකරයි!
1 min read
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු මේ වන විට හඳුනාගෙන තිබෙන බවත්, තමන් විශ්වාස කරන අන්දමට එම ප්‍රහාරය පසු පස ඉන්දීයාව සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ඊයේ (08) පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවේ ය.
පාස්කු ප්‍රහාරය හුදු අයි.එස්.එස්. ප්‍රහාරයක් නොවන බවත්, ඉන්දියාව එම ප්‍රහාරයට අදාළව බරපතළ වැඩ කොටසක් සිදුකර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ඊයේ (08) උසස් නිලතල පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වී ඇත්තේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි. එම කාරක සභාවේ සාමාජිකයකු පාස්කු ප්‍රහාරයට අදාළව මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවී සෙනවිරත්න මෙම අනාවරණය සිදු කර තිබේ.
වැඩුදරටත් කරුණු පැහැදිලි කිරීමේදී පාස්කු ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ නැතැයි ඔහු පවසා තිබේ. ඒහිදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ලේකම් නිසාම් කාර්යප්පර් ගේ නොමඳ පැසසුමට රවි සෙනවිරත්න ලක්ව ඇත.
Underground පාර්ලිමේන්තු වාර්තාකරු
