March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රභාකරන්ගේ නිවසේ දැවැන්ත සිව් මහල් කෞතුකාගාරයක්…දෙමළ තරුණයන්ගේ පෞරුෂය නංවන්න වැඩසටහන්…!

1 min read

කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කොට එය කෞතුකාගාරයක් බවට පත් කිරීමට තීරණය කොට තිබේ. වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී නඩරාජා අනන්තරාජ් ප්‍රකාශ කළේ ප්‍රභාකරන් වයස අවුරුදු 13 වන තුරුම ජීවත් වූයේ එම නිවසේ බවයි.

වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාව අලුතින් ගන්නා ලද මෙම තීරණය දැනුම් දීම පිණිස මන්ත්‍රීවරයා ප්‍රභාකරන්ගේ නිවස අසල ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැදවා තිබුණි.
ඉඩම් හිමියන්ගේ අභිමතය පරිදි මෙම ස්ථානයේ ඉදිකරන නව ගොඩනැගිල්ල දෙමළ ජනතාවට ආඩම්බරයක් සහ ප්‍රතිලාභයක් විය යුතු බවද දෙස් විදෙස් දෙමළ බුද්ධිමතුන් විශේෂඥයින් සමඟ සාකච්ඡා කොට මහල් 3කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලද බවද ඔහු එහිදී අනාවරණය කළේය.

ඒ අනුව බිම් මහලේ දේශීය කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලාගාරයක්ද අනාගත පරම්පරාවන්ට දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික ඉතිහාසය ගැන ඉගෙන ගත හැකි වන පරිදි ඓතිහාසික සිදුවීම් ඇතුළත් ගැලරියක් 2 වන සහ 3 වන මහල්වල පිහිටුවීමටත්, එහි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පොදු විභාග සඳහා නොමිලේ සම්මන්ත්‍රණ පැවැත්වීමටත් තීරණය කොට තිබේ.

ජනප්‍රිය පුවත්  ආයෝජන මණ්ඩලයේ සභාපති ඉවත්වෙයි!

දෙමළ ප්‍රජාවේ අනාගත තරුණ පරම්පරාව අතර විශිෂ්ට පෞරුෂයන් වර්ධනය කිරීම සඳහා අධ්‍යාත්මිකත්වය, අධ්‍යාපනය, කලාව, සංස්කෘතිය යන ක්ෂේත්‍රවල සමාජීය වශයෙන් ව්‍යුහගත නායකත්ව ව්‍යුහයක් නිර්මාණය කිරීම සහ ඉතිහාසය සංරක්ෂණය කිරීම ප්‍රවර්ධනය කිරීමද මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x