January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පරණ මූලස්ථානය අලුතින් විවෘත වේ!

1 min read

පොලිස් දිනයට සමගාමීව ඊයේ (03) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් විවෘත කරන ලද්දේ මීට වසරකට පෙර ක්‍රියාකාරීත්වය අරඹන ලද පොලිස් මූලස්ථානය බව පොලිසියේ ආරංචි මාර්ග හෙළිකර සිටී.

පසුගිය ජනාධිපතිවරණය ආසන්න සමයේ මෙම පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමට, එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වූ ටිරාන් අලස් හා එවකට පොලීස්පති දේශබන්දු තෙන්නකෝන් සියලු කටයුතු සූදානම් කර තිබියදී මැතිවරණ කොමිෂම විසින් එය නොකරන ලෙස දැනුම් දී තිබේ. ඉන් අනතුරුව උත්සවයකින් තොරව පොලීසියේ අදාළ සියළුම නිලධාරීන් මෙම ස්ථානයේ රාජකාරී අරඹා ඇත. එසේ රාජකාරී අරඹා වසරක කාලයක් ගතව තිබියදී අමාත්‍යවරයා විසින් අළුත් මූලස්ථානයක් ලෙස අර්ථගන්වා මෙම ‌ගොඩනැගිල්ල විවෘත කිරීම තුට්ටු දෙකේ විහිලුවක් බව පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ මතය වී තිබේ.

  නවීන් පෙරේරා underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x