March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිපති දඩයම පරාජය කිරීම අධිකරණ පද්ධතිය ලැබූ ජයග්‍රහණයක්! 

1 min read

නීතිපති පාරින්ද රණසිංහ වෙත අස්ථාන චෝදනා සහ අපහාස නගමින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමට දියත් කළ සංවිධානාත්මක උත්සාහය පරාජය කිරීමට හැකිවීම අධිකරණ පද්ධතිය ලැබූ විශාල ජයග්‍රහණයක් බව Free Lawyers සංවිධානය පවසයි.

නීතිපතිවරයාට එරෙහිව එල්ල වූ අසත්‍ය චෝදනා සහ එහි පසුබිම් අරමුණු අනාවරණය කිරීමට තමන් සෘජුව මැදිහත් වූ බව පවසන එම සංවිධානය, මෙම දඩයම පරාජය කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැක්වූ තීරණාත්මක දායකත්වය ද අගය කර සිටියි.

නීතිපති ධූරයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වූ මෙම බරපතල ප්‍රහාරය හඳුනාගෙන ඊට එරෙහිව බහුතරයක් ජනතාව, දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් පෙළ ගැසීම සතුටට කරුණක් බව ඔවුන් පෙන්වා දෙයි.

නීතියේ ආධිපත්‍යය පිළිගනිමින් රජයේ ස්ථාවරය පැහැදිලි කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාට ද සිය ස්තූතිය පළ කරන Free Lawyers සංවිධානය, මෙම කුමන්ත්‍රණය පරාජය වීමෙන් කුපිත වූ විදේශගතමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සහ මෙරට සිටින ඔවුන්ගේ හිතවතුන් දිගින් දිගටම නීති පද්ධතියට සහ තම සංවිධානයට අපහාස කිරීමේ ව්‍යාපාරයක් අරඹා ඇති බවට ද චෝදනා කරයි.

ජනප්‍රිය පුවත්  විපක්ෂ නායකවත් කොටු කිරීමේ සූදානමක්!

රටේ ස්ථාපිත ආයතන පද්ධතියේ ගෞරවය විනාශ කිරීමට උත්සාහ කරන එවැනි කුඩා කණ්ඩායම් වලට කිසිදු ඉඩක් නොතැබිය යුතු බව එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x