November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

නන්දනගෙන් තවත් බෝම්බයක්! ටිල්වින්, ජගත්, මෙල්රෝයි ”නාසි” බලකායක්!

1 min read

ජ.වි.පෙ.ට පක්ෂපාතී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු විසින් ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම්, නන්දන ගුණතිලක ඉලක්ක කොට එල්ල කරන ලද තර්ජනාත්මක ලිපියකට ප්‍රතිචාර දක්වමින්, ජ.වි.පෙ. තුළ පවතින ”නාසි බලකායක්” පිළිබඳව නන්දන ගුණතිලක විසින් අනාවරණය කර තිබේ. නන්දන ගුණතිලක විසින් තබා ඇති එම සටහන මෙසේ ය.

”84-2006 අතර හිටපු ඇත්ත ජ.වි.පෙ සගයන් මං ගැන හරියටම දන්නවා…

ටිල්වින් පක්ෂයේ සහේදරියන්ට ලිංගික බලහත්කාරකම් කරපු තිරිසනෙක් කියලත් ඒ හැමෝම දන්නවා.

අවලාද කියන්නේ අවලාද වලට බං!!!

ඕක මධ්‍යම කාරක සභාවේ දිමුතු ඉදිරිපත් කරපු බරපතළම විවේචනය – ටිල්වියට වමාරන්න සිද්ධවෙච්ච.

අනෙක් එවුං කෝටි ගණන් හම්බ කරලා නිසා බවත් ඒ සහෝදරවරු දන්නවා…!!!

…. මම යුද්දේ හිටපු මිනිහෙක්. උඹ බියගුල්ලෙක්. හැබැයි අහිංසකයෙක් නොවෙයි!!! ඒකයි උඹ ලියන්නෙ “නන්දන පොළොවට බරක්” කියලා.

සුද්ද කිරීම සාධාරනීකරණය කරන්න ලියපු ගොංම මරිමෝඩම ලියවිල්ලක් ඕක.

පක්ෂයේ අඩියෙ ඉන්න සහෝදර සහෝදරියෝ ඒක බලාගනී. උඹ දඟලන්න ලෑස්ති වෙන්න එපා!

උඹ හිතුවද, උඹලා වගේ නිවටයංගෙ, උඹලගෙ ටිල්වින්, ජගත්, මංගල මෙල්රොයි ”නාසිබලකායෙ” මේ මරණ තර්ජන ඉස්සරහ මං යටත් වෙයි කියලා.

90-94 අතර පක්ෂය නැවත අළුතින් ගොඩනගද්දී උඹේ ඔය බියගුළු ”නායකයො” පැනලා හැංගෙද්දි අපි හැට හැත්තෑවක් ප්‍රේමදාස එක්ක හැපිලයි නැවත ජීවමාන කළේ. උඹලයි උඹලගෙ තක්කඩියි මොන නිවට කැනහිල්ලු ද බං? “

මෙහි සඳහන් කර ඇති ”නාසිබලකායෙ” ටිල්වින් සිල්වා හැරුණු විට නම් සඳහන් සියලු දෙනා ජ.වි.පෙ. අප්‍රකට සාමාජිකයෝ වෙති. මංගල යන නමින් හඳුන්වන්නේ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය හරහා ජ.වි.පෙ.ට සම්බන්ධ වූ අයෙකි. ඔහු, පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි වූ සමයේ, එම පක්ෂය සමග ක්‍රියාකළ ජ.වි.පෙ. ක්‍රියාදරයන්ට පහරදීම සඳහා ප්‍රමුඛව ක්‍රියාත්මක වූ අයෙකි.

ජනප්‍රිය පුවත්  ‘‘කාල් ලාන්තගේ“ නිර් ප්‍රභූ මන්දිරය මෙන්න!

ජගත් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල ”ටේලර් සාප්පුවක්” පවත්වාගෙන ගිය අයෙකි. පසුව ඔහු ජ.වි.පෙ. පූර්ණ කාලීනයකු බවට පත්වන අතර, විමල් වීරවංශ ජ.වි.පෙ.න් ඉවත් වූ අවස්ථාවේ දීද ඔහු මරා දැමීමට ක්‍රියාත්මක වූ පුද්ගලයෙකි. LTTE සංවිධානය විසින් සිදුකරන ලද බව හැ‍ගෙන අන්දමට විමල් වීරවංශ ඝාතනය කිරීමට ඔහු සැළසුම් කර තිබුණි. පක්ෂයේ වෙනත් ජ්‍යේෂඨයකු විසින් ඒ බව දැනගෙන වලකන ලද අතර, ජගත් එම ඝාතන මෙහෙයුම සූදානම් කර ඇත්තේ ටිල්වින් සිල්වාගේ අනු දැනුම ඇතිව ය. මේ වන විට මෙම ජගත් නැමැත්තා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බාර කාර්යන්හි මූලිකව ක්‍රියා කරයි.

මෙල්රොයි යනුවෙන් හඳුන්වන්නේ ප්‍රේමකුමාර ගුණරත්නම්ට බිරිඳගේ පාර්ශවයෙන් සමීප නෑදෑකමක් ඇති අයෙකි. ඔහුද විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය හරහා ජ.වි.පෙ.ට පූර්ණ කාලීනව සම්බන්ධ වී කටයුතු කර තිබේ. පසුකාලීනව, ජනවාර්ගික අර්බුදය පිළිබඳ ජ.වි.පෙ. ස්ථාවරය සමග ගැටුමක් ඇතිකර ගත් ඔහු එයින් ඉවත්ව සිටියේය. ඒම කාලය තුළ ඔහු මානසික රෝගී තත්වයකට ද ගොදුරු විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය බිහි වු සමයේ එය සමග කළක් හිතවත්ව කටයුතු කරන ලද මෙල්රෝයි පසුව එම පක්ෂයෙන් ද ඉවත් විය. පසුගිය ජනාධිපතිවරණයට පෙර සිට නැවත ජ.වි.පෙ.ට සම්බන්ධ වූ ඔහු මේ වන විට රහසිගත මෙහෙයුම් සම්බන්ධ කමිටුවක ක්‍රියා කරනු ලබයි. මෙල්රෝයි ව 1988 සමයේ හඳුන්වන ලද්දේ ”ලාල්” යන නමිණි.

ජනප්‍රිය පුවත්  කවුද බොලේ මේ ප්‍රමිෂ්… ?

මේ අතර තවත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ලාල් කාන්ත අමාත්‍යවරයාට අදාළව විෂම කාන්තා සම්බන්ධතා පිළිබඳ හෙළිදරව්වක් ද නන්දන ගුණතිලක විසින් සිදු කර තිබේ. එම සටහන මෙසේය.

”… ඔය කියන්නේ ටිල්වින් පක්ෂෙ සහෝදරියන්ට (දිමුතු, සුබා, අම්පාරේ නංගි) ලිංගික බලහත්කාරකම් කරල පස්සේ මධ්‍යම කාරක සභාවෙදි පිලි අරං දැං අනුරට බ්ලැක්මේල් වෙලා, කියන දෙයක් කරගෙන ඉන්න කතාද?

එහෙම නැත්තං ලාල් කාන්ත මේ දැනුත් මහජන බැංකුවේ, සචිනි (දූගෙ වයසෙ) ලංකා බැංකුවේ අනුරාධපුරේ කාලිංගා, අනුරාධපුරේ නර්ස් දිනේෂා (සේන නානායක්කාරගේ නෑනා) ජනාධිපති කාර්යාලයේ කලින් හිටපු (………….)

(……………..) පත්තරේ මාතරගේ, (…………….) පත්තරේ අනුරාධා අනියම් භාර්යාවෝ විදියට තියාගෙන පෙං කෙළින එක ද….?

(අනිත් අය ගැනත් ඕනමනං කියන්නං)

දැන් මට විරුද්ධව මුංට පුළුවන්නං එන්න කියහං උසාවි!!!”

නන්දන ගුණතිලක විසින් දිගින් දිගටම ජ.වි.පෙ. නායකයන් පිළිබඳ මෙබදු සැඟවුණු තොරතුරු අනාවරණය කර ඇතත්, ඒ කිසිවකට එරෙහිව නීතිමය පියවර ගැනීමට ජ.වි.පෙ. කිසිදු නායකයකු කටයුතු කර නැත.

රුක්මන් සිරිවර්ධන Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x