November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

”නඩු බලවන” සූරසේන!

1 min read

ප්‍රීති පද්මන් සූරසේන නමේ හැටියටම සූරසේන ය. ඔහු කුඩා කළ වාසය කළේ මාතර දික්වැල්ලේ ය. දික්වැල්ලේ කීවාට, දික්වැල්ල තංගල්ල පාරේ උනාපාරුව නැමැති ගමේ ය. ඔහුගේ තාත්තා විදුහල්පතිවරයෙකි. JVP කලබලකාලේ දී සූරසේනගේ තාත්තා මැරුම් කන්නේ ය. එමෙන්ම, සූරසේනලාගේ මහගෙදර ද ගම්මුන් විසින් ගිනි ලන්නේ ය. එකල බොහෝ අය කීවේ සූරසේනගේ පියා මරා දැමූවේත්, මහගෙදර ගිනි තබා විනාශ කරනු ලැබූවේත් JVP කාරයන් විසින් කියාය. එම අදහසේ ඇත්තක් නැත්තේම නොවේ, එහෙත් පොදුවේ ගත් ගත කළ උනාපාරුව ගමේ වැඩිදෙනෙක් සූරසේනගේ තාත්තාට වෛර කළහ. ඒ JVP කාරයන් ලෙස හංවඩු ගසා JVP නොකළ කොල්ලන්ව ද හමුදාවට අල්ලා දීමට සූරසේනගේ තාත්තා ක්‍රියා කළ නිසාය. ගම් වැසියන් තුළ කාලයක් තිස්සේ ගොඩගැසී තිබූ ඒ පිළිබඳ වෛරය එක්තරා දිනයකදී පිට කෙරුණේ සූරසේනගේ තාත්තා මිය පරලොව යවමින් ය, එමෙන්ම, සූරසේනගේ මහ ගෙදරට ද ගිනි තබමින්ය.

මේ තත්වය හමුවේ සූරසේනට ශූර අයුරින් උසස් පෙළ සමත්වන්නට ද හැකි වූයේ නැත. එකල පැවැති ආණ්ඩුවේ උපකාරය මත කොතලාවල ආරක්ෂක විද්‍යාලයට ඉගෙනීමට ආ සුරසේන, පසුව පැමිණියේ කොළඹ විශ්ව විද්‍යාලයට ය. එහිදී නීති අංශයෙන් ඉගෙනුම ලැබූ හෙතෙම පසුව නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේ ය.

ජනප්‍රිය පුවත්  ජනපතිගේ පැමිණිල්ලට ''නෝ ඇක්ෂන්!''

එකල සිටිය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයකු වූ ජේ.එස්.එස්. පින්නදූවගේ මහතා ආධුනික නීතිඥ සූරසේනව හදුන්වා දුන්නේ බායිස් මුස්තාපාගේ තාත්තාට ය. ඔහු යටතේ කණිෂ්ඨ නීතිඥයකු ලෙස වැඩ කළ සූරසේන, පසු කාලෙක අධිකරණ විනිසුරුවරයකු බවට පත්වූයේ වැඩ වැඩි නීතිඥයකු වීමේ හැකියාව ඔහුට නොතිබූ නිසා ය.

සූරසේන උපතින් බෞද්ධයකු වූවත්, ඔහුගේ නෝනා මුල දී කතෝලික ය. දැන් ඔහුගේ නෝනා ජෙරම්ගේ ”බොන් අගේන්” නිකායේ දූතිකාවක් ය. සූරසේන ද නෝනා අනුව යමින් ”බොන් අගේන්” වී ඇත්තේ පසු කලකදී ය. ඔහු විශ්වාස කරන්නේ විනිසුරු ජීවිතේ ඔහුට හරි ගියේ තම නෝනා අනුව යමින් ජෙරම්ගේ භක්තිවන්ත ඇදහිලිකාරයකු වීමෙන් පසුව බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සූරසේනට හොඳටම සැළකුවේ ය. නිකන් ප්‍රමෝෂන් නොව, ඩබල් ප්‍රමෝෂන් මට්ටමේ ප්‍රමෝෂන් විනිසුරු සූරසේනට දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල ය. එයට උපකාරයක් වශයෙන් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා වශයෙන් සිටි නිල නිවසින් එළියට ඇද දැමුවේ ද සූරසේන ය. කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සමීපතම හිතවතෙකු වන සූරසේන හිතාගෙන ඉන්නේ ”දේව පුත්‍රයා” වාසය කරන්නේ එම කාර්යාලය තුළ බව ය. එබැවින්, එහෙන් එන ඕනෑම පණිවුඩයක් සූරසේන බාර ගන්නේ දේව පණිවුඩයක් ලෙසින් ය.

ජනප්‍රිය පුවත්  උන්ටම ගිය රට !

තමන්ගේ තාත්තාගේ ජීවිතයට හා මහ ගෙදරට වගකිවයුතු යැයි කියන ජ.වි.පෙ. බලයට ආ විගස සූරසේන යට ගියාව අමතක කර දමා ජ.වි.පෙ. ආණ්ඩුවට කිට්ටු වූයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නැමැති දෙවොලෙන් පැමිණි සුභාරංචියකට අනුවය. ඒ සුභාරංචිය පරිදි දැන් සූරසේන අගවිනිසුරු වී ඇත. අධිකරණ පද්ධතියම දැන් නටවන්නේ සූරසේනට උවමනා අයුරින් ය. උසස්වීම් දෙන්නේ සම්මුඛ පරීක්ෂණ තබා ජ්‍යේෂ්ඨත්වය නොසලකා හරිමින් ය. කණිෂ්ඨයෝ උඩට ගත්විට ජ්‍යේෂ්ඨයන්ට වඩා හසුරුවන්නට පහසු බව සූරසේන දන්නේය. ආණ්ඩුවට අගතියක් වන කුමණ පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ආවද ඒවා විසිකරන්නට සූරසේනට ඇත්තේ ශූර හැකියාවක් ය. ඒ නිසා සූරසේනගේ ශූරකම් ගැන ආණ්ඩුව ද ඉන්නේ බෙහෙවින් සතුටට පත්වී ය.

දැන් සූරසේනට උවමනා වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ විශ්‍රාමික වයස 68 හෝ 70 දක්වා උඩට දමා ගන්නට ය. එය ඉටු කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව කියන ඕනෑම කුප්ප වැඩක් කිරීමට සූරසේන දෙවතාවක් හිතන්නේ නැත. නඩු බලවන්නෙත්, වඩු නලලන්නේත් සූරසේනට හිතූ හිතූ අයුරින් ය. මේ නිසා දැන් ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ ආණ්ඩුවට යම්තමින් හෝ බලපාන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යන්නේ නැත.

ජනප්‍රිය පුවත්  කළකම් ඵල දීම - පෙරටු වර්ෂන් එක!

විශ්‍රාම යන වයස අවුරුදු 68 හෝ 70 දක්වා දික් කර ගතහොත් ඉන්පසුව නැවතත් සූරසේන ‘‘ස්වාධීන“ සූරසේන වනු ඇත. එතැන් පටන් ආණ්ඩුවට ද දෙලොව රත්වෙන අන්දමේ තීන්දු දෙනු ඇත්තේ ද මේ සූරසේනම ය. සූරසේන සූරයන්ගේත් ශූරයකු වන්නේ ඒ අනුවය.

නීතියේ කන්‍යාව සූරසේන දෙස බලා සිටින්නේ ඉඟි බිඟි කරමිනි. ඒ, සූරසේනට නීතියේ කන්‍යාව පෙනෙනා අන්දම ය. සූරසේනට නීතියේ කන්‍යාව පෙනෙන්නේ, නීතියේ නලගන ලෙස ය. නීතියේ නලගනව නලවන්නට ඔහු බොහෝ සේ කැමති ය. නීතියේ නලගන නලවන ගමන් නඩු බලවන්නට ද ඔහු අමතක කරන්නේ නැත. ඒ ගැන අප දන්නා තොරතුරු මෙවර නොලියන්නේ ඒවා ”මතු සම්බන්ධයි” වන නිසා ය.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x