November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

දළදා මාලිගාවට ගැහුව එකාට බුද්ධ ශාසනේ බාර දේ!

1 min read

බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යනු 1988-89 සමයේ ජ.වි.පෙ. විසින් දළදා මාලිගාවට එල්ල කරන ලද ප්‍රහාරයට සම්බන්ධ වූ කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයකු බව underground විමර්ශන ඒකකය අනාවරණය කරගෙන තිබේ.

කලින් පැවිදි භික්ෂුවක් ලෙස සිටි ගමගෙදර දිසානායක, ජ.වි.පෙ.ට සම්බන්ධ වීමෙන් පසු සිවුරු හැර දමා එහි සන්නද්ධ අංශයට සම්බන්ධ වී තිබේ. ගුරු වෘත්තීයේ නියැලෙන ගමන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මාතලේ දිස්ත්‍රික් සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ නියැලුණු ඔහුව, දළදා මාලිගාවට පහර දී එහි සිටි පොලිස් නිලධාරීන්ගේ අවි ආයුධ පැහැර ගැනීමේ මෙහෙයුමට යොදා ගෙන ඇත්තේ, ඒ වන විට ඔහු පිළිබඳව ජ.වි.පෙ. සන්නද්ධ නායකයන්ට ඇති වි තිබූ පැහැදීම හේතුකොට ගෙන ය. ඒ අනුව, ගමගෙදර දිසානායක ඇතුළු කණ්ඩායම අදාළ ප්‍රහාරය සිදු කර තිබේ.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැළකෙන දළදා වහන්සේට පහරදුන් පුද්ගලයකු වත්මන් ආණ්ඩුවේ බුද්ධශාසන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරීම බුද්ධාගමට කරන ලද බරපතළ හිංසනයක් බව මේ පිළිබඳ තොරතුරු දන්නා පිරිසගේ මතය වී තිබේ.

දීප්ති කහටපිටිය underground වාර්තාකරු

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sena
Sena
1 month ago

නෙදෝකින් විතරක් මෙහෙමත් පරගැති ආණ්ඩුවක්

1
0
Would love your thoughts, please comment.x
()
x