November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ත්‍රස්ත ප්‍රහාරයක් ! ආන්දෝලනාත්මක හෙළිදරව්ව

1 min read

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස සිය රටවැසියන්ට අනතුරු අඟවමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස 14 වැනිදා නිකුත් කරන ලද නිවේදනය සමඟ බැඳුණු අභ්‍යන්තර තොරතුරු අනාවරණය කර ගැනීමට Lanka Underground විමර්ශන කණ්ඩායම සමත් වී තිබේ. මෙම සුවිශේෂී අනාවරණය සිදු කරනුයේ එම විශේෂ ගවේෂණය හරහා එක් රැස් කරගත් තොරතුරු මත පදනම්ව ය.

පසුගිය ඔක්තෝබර් මස 14 දාතම සහිතව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය රටවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිල්ලට ලක් කළ යුතු අනතුරු ඇඟවීම් රැසක් නිවේදනය කර තිබේ. එහි “ත්‍රස්තවාදයට” අදාළව දක්වා ඇත්තේ, කුඩා හෝ අනතුරු ඇඟවීමකින් තොරව ත්‍රස්තවදී ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදු විය හැකි බව ය.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස සිය රටවැසියන්ට අනතුරු අඟවමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස 14 වැනිදා නිකුත් කරන ලද නිවේදනය

එමෙන්ම, එම ත්‍රස්ත ප්‍රහාර වල ඉලක්ක විය හැකි ස්ථාන ලෙස එහි දක්වා ඇත්තේ, සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, අලෙවි හා වෙළඳ සැල්, රජයේ ගොඩනැගිලි, හෝටල්, සමාජ ශාලා හා ආපන ශාලා, ආගමික ස්ථාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, පාසැල් සහ හෝටල්, ගුවන්තොටුපලවල් හා වෙනත් පොදු ස්ථාන වේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස සිය රටවැසියන්ට අනතුරු අඟවමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස 14 වැනිදා නිකුත් කරන ලද නිවේදනය

මෙම ත්‍රස්ත ප්‍රහාර අවධානම සම්බන්ධව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදු කර තිබෙන නවතම අනතුරු ඇඟවීම පිටුපස පවතින කතාව Lanka Underground විශේෂ විමර්ශන අංශය විසින් පසුගිය කාලය තුළ සොයා බලන ලදී. එහිදී අනාවරණය වූයේ ඉන්දියාවේ චෙන්නායි නුවර කේන්ද්‍ර කර ගත් විශේෂ මෙහෙයුමක් පිළිබඳ තොරතුරු මත පදනම්ව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම අනතුරු ඇඟවීම සිදු කර තිබෙන බවයි.

ජනප්‍රිය පුවත්  ණය එක දවසට බිලියන 5.6ක්!!

ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නුවර බලා ගොස් ඇති සෙයිඩ් මවුලානා මෙම ක්‍රියාදාමයේ ප්‍රධාන චරිතයකි. ඔහු මේ වන විට ඉන්දියාවේ ජාතික බුද්ධි සේවය (N.I.) සමඟ එක්ව කටයුතු කරන්නෙකි. ශ්‍රී ලංකාවෙන් පැන ගොස් ඇති, මෙරට මුස්ලිම් පාතාලයේ ප්‍රධානීන් 99% ක්ම පාහේ මේ වන විට රැදී සිටින්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර ය. එම පුද්ගලයින්ව ආරක්ෂිතව බලාගැනීම, එහි බුද්ධි අංශ සමග එක්ව සිදු කරනුයේ සෙයිඩ් මවුලානා ය. ඒ සඳහා සෙයිඩ් මවුලානා විසින් ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම ද සිදු කරනු ලබයි.

සෙයිඩ් මවුලානා

පසුගිය 2023 වසරේ දී ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් මොහොමඩ් නුස්රාත්, මොහොමඩ් නෆ්රාන් , මොහොමඩ් රාස්ඩීන්, මොහොමඩ් ෆාරිස් යන අය ද මේ වන විට ඉන්නේ, සෙයිඩ් මවුලානා බාරයේ ය. එම හතර දෙනා ISIS සංවිධානයට සම්බන්ධ වූවන් බව එම දිනවල ඉන්දීය බුද්ධි සේවා මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.

පසුගිය 2023 වසරේ දී ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් මොහොමඩ් නුස්රාත්, මොහොමඩ් නෆ්රාන් , මොහොමඩ් රාස්ඩීන්, මොහොමඩ් ෆාරිස්

සෙයිඩ් මවුලානා මේ වන විට චෙන්නායි නුවර හෝටලයක් ද හිමි කරගෙන තිබේ. ඔහුගේ පුතාට ද ඉන්දීය බුද්ධි සේවා මගින් මසකට ඉන්දීය රුපියල් ලක්ෂ 2 ක මුදලක් ගෙවන අතර, ඔහු ද ශ්‍රී ලංකාවේ පාතාල සම්බන්ධතා සහ වෙනත් වැදගත් තොරතුරු එම බුද්ධි අංශ වෙත ලබාදීම සිදු කරනු ලබයි. චෙන්නායි නුවර සිටින නියෝජ්‍ය පොලිස්පති (DIG) ජී. ධර්මරාජන් එහි බුද්ධි අංශ ප්‍රධානියා වන අතර, සෙයිඩ් මවුලානා සමීපව සබඳතා පවත්වන එක් අයකු වන්නේ ජී. ධර්මරාජන් ය.

ජනප්‍රිය පුවත්  විදුලියබල මණ්ඩලය කෑලි 6කට කඩා විකුණන පණතට සහය ගන්න පාටි පිට පාටි
චෙන්නායි නුවර සිටින නියෝජ්‍ය පොලිස්පති (DIG) ජී. ධර්මරාජන්

මේ වන විට, මාලිගාවත්ත මැල්වත්තේ දිගා ෆයිසල් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් මෙම බුද්ධි අංශ නිලධාරින්ගේ සමීප මෙහෙයවීම යටතේ චෙන්නායි නුවර වාසය කරති. 2026 වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙන මැතිවරණයට පෙර මෙම පාතාල කල්ලි සාමාජිකයන් යොදා ගනිමින් ත්‍රස්ත ක්‍රියා රැසක් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඇමරිකානු ඔත්තු සේවා මේ බව අනාවරණය කරගෙන ඇති අතර, එහි රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තම රටවැසියන්ට අදාළ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ එම තොරතුරු මත පදනම්ව ය.

එක්සත් සාම සන්ධානයේ (UNITED PEACE ALLIANCE) නියෝජිතයන්
එක්සත් සාම සන්ධානයේ (UNITED PEACE ALLIANCE) නියෝජිතයන්

මේ අතර, කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ දී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රකට පාතාල කල්ලි කණ්ඩායමක සහාය ලබාගෙන තිබේ, ඒ, එක්සත් සාම සන්ධානය (UNITED PEACE ALLIANCE) යන නමින් “සමනලයා” ලකුණින් තරග වදින ලද කණ්ඩායමයි. එමගින් තරග වදින ලද අපේක්ෂකයන්ගෙන් 90% කට වඩා කොළඹ මුස්ලිම් පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෝ වෙති. දෙමටගොඩ රිස්වාන්, මාලිගාවත්ත පාතාලයේ ජම්මි හෙවත් මුසම්මිල්, දෙමටගොඩ ශිරාජ් යනාදින් ඒ අතර වන ප්‍රමුඛයෝ වෙති. මෙම කණ්ඩායමේ ඇතැම් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ද සෙයිඩ් මවුලානා විසින් ඉන්දියාවේ චෙන්නායි නුවරට කැඳවා තිබේ. මෙම වාර්තාව සමඟ ඵල කරනුයේ, දෙමටගොඩ රිස්වාන් සහ මාලිගාවත්ත ජම්මි හෙවත් මුසම්මිල් ජනාධිපතිවරයා, විදේශ ඇමතිවරයා සහ බස්නාහිර ආණ්ඩුකාරයා සමග ගෙන තිබෙන ඡායාරූපයි.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිවරයාගේ දේශිය ගමන් සඳහා ගිය වියදම් ලබාදීම ''බෑ'' කියයි !
දෙමටගොඩ රිස්වාන් ජනාධිපති අනුර කුමාර සමඟින්
මාලිගාවත්ත ජම්මි හෙවත් මුසම්මිල් ජනාධිපති අනුර කුමාර සමඟින්
මාලිගාවත්ත ජම්මි හෙවත් මුසම්මිල් විදේශ ඇමැති විජිත හේරත් සමඟින්
මාලිගාවත්ත ජම්මි හෙවත් මුසම්මිල් බස්නාහිර ආණ්ඩුකාරවරයා සමඟින්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අන්දමට ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පලාත් මෙම පාතාල කණ්ඩායම් වල විශේෂ අවධානයට ලක්ව තිබේ. මේ පිළිබඳ තවත් සුවිශේෂී තොරතුරු ඉදිරියේ දී අනාවරණය කිරීමට Lanka Underground සූදානමින් සිටී.

විශේෂ විමර්ශන අංශය

Lanka Underground

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x