November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

තමන්ගෙ බිරිඳ මරන්න හැදූ ටිල්වින් ස්ත්‍රී දූෂකයෙක්! නන්දන ගුණතිලක

1 min read

ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තම බිරිඳව මොරටුවෙ ලක්ෂ්මන් නැමැත්තකුගේ ලී මඩුවේ ඇසිඩ් බාත් එකක දමා මරා දැමීමට සැලසුම් කළ බවත්, මුල් හවුල්කාරයො එයට අකමැති වීම නිසා එම සැලැස්ම අත් හැර දැමීමට සිදු වූ බවත් ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම්, ජනාධිපතිවරණ අපේක්ෂක නන්දන ගුණතිලක ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සමාජ මාධ්‍ය තුළ සිය මතය ඉදිරිපත් කරමිනි..

නන්දන ගුණතිලක හිටපු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයාගේ ෆේස්බුක් සටහන
ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම්, ජනාධිපතිවරණ අපේක්ෂක නන්දන ගුණතිලක

නන්දන ගුණතිලක මෙසේ කරුණු ඉදිරිපත් කර තිබේ.

“තමාගෙ ගෑනිව මොරටුවෙ ලක්ෂ්මන්ගෙ ලී මඩුවෙ ඇසිඩ් බාත් එකකට දාල මරන්න සැලසුම් කරල මුල් හවුල්කාරයො අකමැති වුනහම අත් හැරල දාන්න වුනා. ලක්ෂ්මන් පස්සෙ මලා. ටිල්වින්ගෙ නෝනා නතරවෙලා හිටපු තැන ලකී එක්ක ඔත්තු බලන්න ගිය එක්කෙනෙක් පදිංචි ජපානෙ.

සමන් ප්‍රියංකර ජනධිපති අනුර කුමාර සමඟින්

මෙම ජපානෙ පදිංචි “එක්කෙනෙක්” ලෙස හඳුන්වන්නේ කවුදැයි, නන්දන ගුණතිලක වෙතින් Lanka Underground සිදු කරන ලද විමසීමේ දී ඔහු කියා සිටියේ එම පුද්ගලයා ව්‍යාපාරික සමන් ප්‍රියංකර නැමැත්තා බවයි. මෙම සිදුවීමට අදාළ කාලයේ ටිල්වින් සිල්වා ඇතුළු එම බිරිය නතර වී සිටියේ ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අචල සුරංග ජාගොඩ පදිංචිව සිටි නිවස සමීපයේ බවත් ඔහු වැඩිදුරටත් කරුණු අනාවරණය කළේ ය.

ජනප්‍රිය පුවත්  සෑම මසකටම රු: බිලියන 180 බැගින් ණය බර ඉහළට

අදාළ සමාජ මාධ්‍ය සටහනෙ හි තවදුරටත් ඔහු මෙම සිදුවීම පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

“මූ මේ ලී මඩුවටම, අම්පාරෙ නංගි කෙනෙක්ව (පක්ෂෙ සහෝදරියක්. දැං විවාහ වෙලා ඉන්නෙ පෙරටුගාමී ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් එක්ක.) බෝලෙ බස්සල අරන් ගිහින් අතවර කරන්න හදද්දි ඒ නංගි ලතෝනි දීගෙන පාරට පැන්නා. ගම්මු ඔහුව වට කරා. මුගේ හොඳ වෙලාවට ලක්ෂ්මන් ආවා. ඌ බොරුවක් කියල නංගිවත් ෂේප් කරගෙන ටිල්වියව බේරගත්ත. නැත්තං මූ ගම්මුංගෙන් ගුටිකාල මැරෙන්නෙ එදා.. !!!”

මෙම සටහනෙහි දැක්වෙන “දැං විවාහ වෙලා ඉන්නෙ පෙරටුගාමි ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් එක්ක” යන්නෙහි කියැවෙන පුද්ගලයා මාලන් යනුවෙන් හඳුන්වන ජ.වි.පෙ. හිටපු ප්‍රභල සාමාජිකයෙක් බව අප කළ සොයා බැලීමක දී අනාවරණය විය.

මීට අමතරව, නන්දන ගුණතිලක ටිල්වින් සිල්වා පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කර තිබේ.

“මේ ගැන සැකයට සුජාතා සහෝදරී ලියපු ලියුමක් තියෙනවා.

දිමුතු ලියාපු ලියුමකුත් තියෙනව මුගේ “සහෝදරාත්මක” ලිංගික බලහත්කාරය ගැන!!!

දිමුතු පක්ෂ සහෝදරියක්. මූ ඇයව විනාශ කළා. ඇය මූ නිසා සියදිවි නසාගන්න ගියා. පස්සෙ චීනෙත් එක්ක කථා කරල භාෂා පාඨමාලවකට යවනව කියල දිමුතුව ලංකාවෙ හන්ගල තිබ්බා. මුං දේශපාලන මණ්ඩලෙත් ඇන්දුවා. සෝමවංශ-ටිල්වින් හවුල.

භාෂා පාඨමාලාවට ගියැයි කිව්ව දිමුතු මාස 5 කින් විතර ආපහු ආවා.

කොහොම හරි අන්තිමට “අංග විකල” පොරකගෙ ගෙදරට අළුත් දරුවෙක් ලැබුණා. ඇරපු අතක් නෑ. ඒ කූනිස්සම තමයි.

සෝමවංශ මූව ආරක්ෂා කළා. ඔය සිදුවීම 2004-2005 අතර සිද්ධ වුණේ.

අන්තිමට එහෙව් කරපු සෝමවංශට පක්ෂය දාල යන්න ගේම් ගහල, ගියාම පිස්සෙක් කිව්වෙත් මූයි අනුරයි.

වරෙං ටිල්වින් ස්ත්‍රී දූෂකය… උසාවි ! මේ කාන්තාවො ඔක්කොම උසාවි එනව උබට එරෙහිව…!!!”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පුත්‍රයා (මතභේදාත්මක දරුවා) සමඟින්

අප කළ වැඩිදුර සොයා බැලීමක දී අනාවරණය වූයේ මෙහි දැක්වෙන දිමුතු සහෝදරිය යනු දිමුතු ආටිගල බවයි. ඇය සමාජවාදී කාන්තා සංගමයේ ප්‍රධානියාව සිටි අතර, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය නියෝජනය කළ එකම කාන්තාවද වූවා ය. මේ වන විට ඇය දේශපාලනයේ නිරත නොවී අප්‍රකටව කල් ගෙවන බව ද අප වෙත වාර්තා විය.එමෙන්ම, “අංග විකල පොරකගෙ….” යනුවෙන් නන්දන ගුණතිලක මෙහි හඳුන්වනු ලබන්නේ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා බව අප කළ වැඩි දුර විමර්ශනයේ දී අනාවරණය විය. හඳුන්නෙත්ති පවුලට දරුවන් නොමැති බවත්, ඔවුන් හදාගනු ලබන දරුවා නන්දන ගුණතිලක පවසන දරුවා බවත් එහි දී වැඩිදුරටත් තහවුරු විය.

ජනප්‍රිය පුවත්  බී ලූණු මෙහේ වවනවට වඩා රටින් ගෙනත් කමු! - ලාල් කාන්ත

ගාමිණී කිතුලගොඩ

Lanka Underground

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Rukmal Premajayantha
Rukmal Premajayantha
18 days ago

මුං පෙන්නුවෙ මුං උපාසක මහත්තයල වගේනෙ

1
0
Would love your thoughts, please comment.x
()
x