November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

තංගල්ල උණාකූරුවේ වෙඩි තැබීමකින් අඹුසැමි යුවලක් මරුට!

1 min read

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ ශාන්ත නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරිකයාගේ ඥාතීන් බවත් වාර්තා වේ.

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x