January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් උගසට තැබෙන අනාගත පරපුරේ ඉරණම: කඩිමුඩි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සැඟවුණු කතාව

1 min read

👉 වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති තවත් ගැටලුවක් තමයි ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමට ඇති පුදුමාකාර කඩිමුඩිය.

👉 මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කිසිම ආකාරයක සමාජ සංවාදයක් ඇති වීමට කාලයක් දීලා නෑ විතරක් නෙමෙයි. අඩු තරමේ මේ යටතේ ගෙන ඒමට නියමිත මොඩියුල පවා හරියාකාරව සකසා නොගෙන තමයි ජනවාරියේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ.

👉 දැනට සකසා ඇත්තේ පළමු වාරයට අවශ්‍ය මොඩියුල පමණයි. ඉතිරි කාලයේ මොනවා උගන්වනවාද? විෂය නිර්දේශය මොකක්ද? මේ යටතේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන්නේ කොහොමද? එවැනි ජාතික විභාගවලටත් පන්තියේ කරන ක්‍රියාකාරකම්වල ලකුණු එකතු කරනවාද? නැද්ද? වැනි කාරණා ගැන තවම කිසිවෙකුට කිසිම පැහැදිලි අදහසක් නැහැ.

👉 ආණ්ඩුවේ මේ පුදුමාකාර කඩිමුඩිය පසුපස බොහෝ අය නොදන්නා හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 200ක ණය මුදල.

👉 ආසියානු සංවර්ධන බැංකුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 2020දි ඩොලර් මිලියන 400ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ පිළිබඳ විස්තර ඕනෑම අයෙකුට ආසියානු සංවර්ධන බැංකුවේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.

👉 ගෝඨාභය හා රනිල්ගේ පාලන සමයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ යෝජනා සකස් වෙමින් තිබුණු නිසා ඒ කාලේ මේ ණය මුදලෙන් ඩොලර් මිලියන 200ක් මීට පෙර ලංකාවට ලබාදී තිබෙනවා. 2025 දි තමයි මේ ණය මුදල ලබාගැනීමට අදාළ කාල සීමාව අවසාන වන්නේ.

ජනප්‍රිය පුවත්  විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ව්‍යවස්ථාදායක සභාව කැළණිය හරහා පැලවත්තට කඩා වැටීම

👉 ඒ අනුව ඉතා ඉක්මනින් මෙය ක්‍රියාත්මක කළොත් තමයි මේ ඉතිරි ඩොලර් මිලයන 200 ලබාගැනීමට හැකි වන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුව කිසිම සමාජ සංවාදයකට ඉඩක් නොතබා, හරි හමන් ප්‍රතිසංස්කරණ යෝජනාවලියකින් පවා තොරව, ඉතාම කඩිමුඩියේ මෙය ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ.

👉 රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ ඉතාම ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් කළ යුත්තක්. අනික ආණ්ඩුව මේ හරහා මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ කණපිට හරවන ඉතාම ආන්දෝලනාත්මක යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි ආණ්ඩුව ඒ බරපතළ වෙනස්කම් සියල්ල කරන්න සැරසෙන්නේ කඩදාසිය ලිපේ දැම්මා වගේ ඉතාම හදිස්සියේ.

👉 ඒ හදිසිය පිටුපස තිබෙන්නේ මේ කියූ ඩොලර් මිලියන 200 ණය මුදලේ කතාව. ඒ අනුව මොවුන් කෙතරම් අදූර්දර්ශී ආණ්ඩුවක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ.

👉 ඔවුන් ඩොලර් මිලියන 200ක් වෙනුවෙන් රටේ සමස්ත අනාගත පරම්පරාවේ ඉරණම එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙනවා. විධිමත් කාලයක්, අධ්‍යයනයක් හෝ සමාජ සංවාදයකින් තොරව කඩිමුඩියේ කරන රටට නොගැළපෙන ප්‍රතිසංස්කරණයකින් විය හැකි හානියට වඩා ඔවුන්ට ණය මුදල වැදගත්. ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම විනාශකාරී දෙයක් කිරීමට සැදී පැහැදී සිටිනවා.

👉 අනික ලංකාව වැනි රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මෙවැනි ගෝලීය ආයතන අරමුදල් සපයන්නේ නිකම් නොවෙයි. අනෙක් රටවල් තමන්ගේ ගෝලීය දේශපාලන වුවමනා අනුව පාලනය කර, නතු කර තබාගැනීමේ බල දේශපාලන වුවමනාව මේ පසුපස තිබෙනවා.

ජනප්‍රිය පුවත්  බැංකු, ජවිපෙ කල්ලි, අයිස්, ජනපති මහත්තයා සහ මහ බැංකුවේ Money Laundering සර්ලා

👉 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ඔවුන්ගේ පිහිට පතන රටවලට සෘජුවම කරන යෝජනාවක් තමයි රාජ්‍ය වියදම් අඩු කිරීම කියන එක. මේ යෝජනාව ලෝකය පුරා විවිධ රටවල් ගණනාවක අධ්‍යාපනයට හා සෞඛ්‍යයට එල්ල කළ අහිතකර බලපෑම් ගැන අද වන විට ලෝකය පුරාම විශාල සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ ඕනෑ තරම් තොරතුරු අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්.

👉 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සිට, 2005 තාරා හැරල්ඩ් වාර්තාව දක්වා බොහෝ අවස්ථාවල ලංකාවේ අධ්‍යාපනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වක්‍රාකාරව මෙවැනි කොන්දේසි පනවා තිබෙනවා. ඒත් ඒවාට එල්ල වූ විරෝධය හා ලංකා රජයේ ක්‍රියාමාර්ග මත ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වී නැහැ. ඒ ක්‍රියාවලියේම දිගුවක් තමයි අද මාලිමා රජය යටතේ මේ ඉදිරියට යමින් තිබෙන්නේ.

👉 වියට්නාමය 1986 ඩොයි මොයි ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකගතාවන්ට එළඹුණා. ඒත් වියට්නාමය ඔවුන්ගේ කොන්දේසිවලට මුළුමනින්ම අනුගත වුණේ නැහැ. ඔවුන් මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කළේ තමන්ගේම වූ ජාතික න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙළක් සහිතවයි. අදටත් වියට්නාමය කියන්නේ මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට සපුරා පටහැනි මධ්‍යගත සැලසුමක් සහිත ආර්ථිකයක් ඇති රටක්. ඒ ක්‍රමය තුළ තමයි ඔවුන්ට විශාල ආර්ථික ජයග්‍රහණ ලබාගැනීමට හැකිවුණේ.

👉 1997 ආසියාව පුරා ඇති වූ ආර්ථික අර්බුදයේදී දකුණු කොරියාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවුණා. එතෙන්දි සුපුරුදු පරිදි රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ යෝජනා ඉදිරිපත් වුණා. හැබැයි අධ්‍යාපනය සම්බන්ධ කාරණා ගැන එතෙන්දි කොරියානු රජය ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළා. ඔවුන් අයිඑම්එෆ් එක කියන සියලු දේවල් ඒ විදිහටම භාරගත්තේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒ අර්බුදයෙන් පසුව කොරියාවේ පැවති අධ්‍යාපන පද්ධතිය තවත් ශක්තිමත් වුණා.

ජනප්‍රිය පුවත්  සීනි වෙනුවට හදුන්ගේ හාල්

👉 හැබැයි අද ඊනියා වාමාංශික රතු රෙදි පොරවාගත් ලංකාවේ රූකඩ ආණ්ඩුව සියලු දේ පසෙක තබා ඩොලර් මිලියන 200ක මුදලක් වෙනුවෙන් රටේ දරුවන්ගේ අනාගතය උගසට තැබීමට සැරසෙමින් ඉන්නවා.

👉 මේ අඳුරු පින්තූරය පිළිබඳ හසරක් නොදන්නා අපේ ඇතැම් පිරිස් පොත් බෑගයේ බර, ටියුෂන්කාරයන් නැති කිරීම, දරුවන්ගේ සතුට වැනි ඉතාම ළාමක බාල සිල්ලර සටන් පාඨ මත පිහිටා මේ විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හුරේ දමමින් සිටිනවා.

👉 අප කෙතරම් අප්‍රබුද්ධ සමාජයක්ද? යන්න ගැඹුරින් සිතා බැලීමට මෙය කදිම අවස්ථාවක්. හැබැයි අප දැන් ඉන්නේ ඉතාම අනතුරුදායක තැනක. මේ විනාශය නතර කිරීම සඳහා අපට තව ඉතිරි වී ඇත්තේ ඉතාම කෙටි කාලයක් පමණයි. ඒ කාලයත් මේ විදිහට නිද්‍රාශීලිව ගෙවී ගියොත් එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ ඔබේ දරුවාට බව අමතක කරන්න එපා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x