March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ටිල්වින්ගේ ඝාතන කල්ලි අප පසු පස! නන්දන අවසන් හොරාවේ රටට ලියූ ලිපිය මෙන්න…!

1 min read

හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මිය යාමට පෙර සිය දේශපාලන හිතවතුන් වෙත යැවූ බව සඳහන් ලිපියක් සම්බන්ධව සමාජයේ අවධානයක් යොමුව තිබේ. මෙම ලිපිය හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුළු පිරිස් වෙත ද ලැබී ඇත.


නන්දන ගුණතිලක මහතාගේ අවමඟුල් උත්සවය අමතමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද ඒ සම්බන්ධව ප්‍රකාශයක් කළේය.


එම ලිපිය පහත දැක්වෙයි.


ස්වාමීන්වහන්ස, පූජකතුමනි, හිතවතුනි,


ගතවූ වසරක කාලයේදී ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ව්‍යාජය, බොරුව, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාව සහ ව්‍යාජ සදාචාරය ගැන ඉතා විවෘතව කරුණු හෙළිකළ, හෙළිකරන, වරුණ දීප්ති රාජපක්ෂ, ප්‍රියන්ජිත් විතාරණ (රටේරාල) සහ මා “ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම” සහ එහි සහයක කණ්ඩායම් යොදවා ඝාතනය කිරීම සඳහා මේ දිනවල අප පසුපස හඹා එමින් සිටී. එහි නියැලෙන සියලු පුද්ගලයන් සහ ඝාතන උපක්‍රම පිළිබඳ තොරතුරු අප සතුය. එම ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම පෞද්ගලිකවම මෙහෙයවන්නේ ටිල්වින් සිල්වාය.


දැනට තෝරා ඇති, ඔවුන්ගේ ප්‍රධානම ඝාතන උපක්‍රමය වන්නේ මහ මගදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර, එය පෞද්ගලික ආරවුලකින් සිදුවූවක් ලෙස මාලිමා පොලීසිය යොදවා තහවුරු කිරීමයි. අනෙක් ක්‍රම ලෙස ස්වභාවික මරණයක් ලෙස පෙනෙන ලෙස ඝාතනය කිරීමේ උපක්‍රම ගණනාවක් තෝරා ඇත.
උදාහරණ ලෙස, වසපෙවීමට සැලැස්වීම, ගමන් කරන වාහනය බරපතළ අනතුරකට ලක්කිරීම, පාතාලය සමග පෞද්ගලික ගැටුමක් ඇතිවූ සේ පෙන්වීම, උග්‍ර විෂ සහිත සර්පයකු අවුස්සා නින්දේදී ශරීරයට දැමීම ආදී උපක්‍රම රාශියක් තෝරා ඇත.

ජනප්‍රිය පුවත්  නිකන් දුන්න සහල් වලටත් බදු


පාතාල ගැටුමක් සේ හැඟවෙන සේ වෙඩි තබා ඝාතනය කිරීම ද තවත් ක්‍රමයකි. පොලීසියද, හමුදාවද, අධිකරණයද, විශ්‍රාමික හමුදා, පොලිස් සෙබළුන්ද, පාතාල ගෝලයන්ද, ජ.වි.පෙ. ඝාතක කණ්ඩායමද මෙහිලා උපයෝගී කරගැනීමට ඔවුන් කල්පනා කරති.


සමස්ථ රාජ්‍ය බලය තවමත් ඔවුනට අවනත නිසා, අප ඉතා නරක ලෙසටම අනාරක්ෂිත තත්ත්වයක සිටිමු.
අප ඉල්ලා සිටින්නේ පළමුව ඔබ මෙහි සාක්ෂිකරුවන් වන ලෙස හා දෙවනුව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මිනීමරු භාවිතාවන් පරාජය කිරීමට ඔබට හැකි පමණින් ක්‍රියාකරන ලෙසයි.


අප පසුබැස නැත, පසුබසින්නේද නැත …!!!
අප හැම එක්ව “පැරණි දූෂිතයන්ගෙන්” මෙන්ම “නව දූෂිත, මාලිමා පැසිස්ට්” ගමනින් රට ගලවා ගනිමු..!!!
ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛර්යය, ශක්තිය පතමු. ජයවේවා ..!!!


– නන්දන ගුණතිලක
21.11.2025

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x