ට්‍රම්ප්ගෙන් යුරෝපයට දැඩි අනතුරු ඇඟවීමක්!
1 min read
“අපිට අවශ්‍යයි යුරෝපය, යුරෝපය ලෙස තබා ගැනීමට. යුරෝපය ඉතා නරක දිශාවන් කිහිපයකට යමින් තිබෙනවා.”
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් යුරෝපීය සංගමයේ (EU) ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
Elon Musk ගේ X (Twitter) සමාගමට එරෙහිව යුරෝපා සංගමය විසින් ඩොලර් මිලියන 140 ක දඩයක් පැනවූ අතර ට්‍රම්ප් මෙම දඩය “නරක එකක්” ලෙස හඳුන්වමින් EU ඩිජිටල් සේවා පනත (Digital Services Act – DSA) යටතේ ඇමරිකානු සමාගම්වලට පීඩනය යෙදීම විවේචනය කළේය
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ යුරෝපය අධික නියාමනයන් සහ විශාල වශයෙන් සිදුවන සංක්‍රමණය හේතුවෙන් තම මූලික සංස්කෘතික අනන්‍යතාවයෙන් ඉවත්වෙමින් ඇති බවයි. විශේෂයෙන්ම, ඩිජිටල් සමාගම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගන්නා තීන්දු, ඇමරිකානු ව්‍යාපාර වලට බලපාන බවත්, යුරෝපීය ශිෂ්ටාචාරය වෙනස්වීමේ අවදානමක් ඇති බවත් ඔහු අවධාරණය කරයි.
මෙම ප්‍රකාශයන් යුරෝපය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර ඇති අතර, එය ට්‍රම්ප් පරිපාලනයේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ග ලේඛනයේ (NSS)ද ඇතුළත්ව තිබේ.
