November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

ජ.වි.පෙ. “සමරුව”ට කඩා පනින්න ගියේ කවුද ? | කවුරුත් නොදන්න ඇත්ත මෙන්න

1 min read

පසුගිය 13 වැනි දා කොළඹ විහාරමහාදේවි එලිමහන් රංග පීඨයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද “ඉල් මහ විරු සමරුව” ට කඩා පැන විරෝධය පෑමට ජ.වි.පෙ. සාමාජිකයකු දරණ ලද ප්‍රයන්තයක් අවසන් මොහොතේ දී වලක්වා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශයට හැකි වී තිබේ. ඒ, වෙන්නට නියමිත මෙම සිදුවීම පිළිබඳව කල් තබා අනතුරු ඇඟවීමට රාජ්‍ය බුද්ධි අංශ කටයුතු කිරීම හේතුවෙනි.

මෙම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නලීන් නිලංක නැමැති ජ.වි.පෙ. ප්‍රබල සාමාජිකයෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම සඳහා සිදු කෙරුණු “අරගලයේ” දී ජනාධිපති ලේකම් කාර්යාලය තුළට කඩා වැදුණු පිරිස තුළද මොහු ප්‍රභලව ක්‍රියා කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදි තරුණ සංගමය සමග ද මොහු ක්‍රියාකාරීව කටයුතු කර තිබේ.

බලය ලබා ගැනීමෙන් වසරකට පසුව, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය ගැන යම් වේවේචන සමාජ මාධ්‍ය ඔස්සේ ඵල කර තිබෙන මොහු සූදානම්ව සිට ඇත්තේ පසුගිය 13 වැනි දා පැවැත් වූ “ඉල් මහ සමරුව”ට සහභාගි වී, වේදිකාවට කඩා පැන තම මතය ඉදිරිපත් කිරීමට ය. මේ බව රාජ්‍ය බුද්ධි අංශ මගින් ඉහළ බලධාරින් දැනුම්වත් කර ඇත්තේ මෙසේ ය.

“සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකමක් සම්බන්ධව

2025.11.13 වන දින විහාරමහාදේවි එලිමහන් රංග පීඨයේ දී ජාතික ජන බලවේගයේ 36 වන ඉල් මහ උත්සවය සඳහා නලින් නිලංක යන අය බලහත්කාරයෙන් පැමිණ ඔහුට සිදු වූ අසාධාරණයක් සම්බන්ධව ප්‍රකාශයක් සිදු කිරීමට ඇති බවට තොරතුරක් අනාවරණය විය. මෙම තොරතුර පො.ප. ….. වන මා විසින් ජනාධිපති ආරක්ෂක අංශයේ බුද්ධි අංශ ස්ථානාධිපතිතුමා ද දුරකථනයෙන් දැනුවත් කරල ලදී.”

මෙම තොරතුරු අනාවරණය වීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය සිවිල් පුද්ගලයන් ලෙස පෙනී සිටි ආරක්ෂක නිලධාරින් 300කට වඩා විහාරමහාදේවි එලිමහන් රංග පීඨයේ මහජනතාව අතර හා වේදිකාව අවට රඳවා ඇත.

ජනප්‍රිය පුවත්  කථානායක සහ ඇමති වසන්ත හිරගෙට!

කෙසේ හෝ ‘ඉල් මහ සමරුව’ වෙත පැමිණ ඇති නලීන් නිලංක නමැති මෙම ජ.වි.පෙ. සාමාජිකයාව කල් තබා හඳුනාගෙන පොලීසිය බාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. එම සිදුවීම පිළිබඳව නලීන් නිලංක තම සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ ඵල කර ඇති අදහස් ද මේ සමග ඵල කොට ඇත.

මෙම සිදුවීමෙන් පසුව, මහජනතාව අතරට යෑමේදී ජ.වි.පෙ. නායකයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින්ට අමතරව ජ.වි.පෙ. පූර්ණ කාලීන සාමාජිකයන්ව ද විශාල වශයෙන් යෙදවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

නලීන් නිලංක සම්බන්ධ ඡායාරූප, සමාජ මාධ්‍ය වාර්තා හා අදාළ බුද්ධි අංශ වාර්තාව මේ සමග ඵල කර ඇත.

විශේෂ විමර්ශණ අංශය

Lanka Underground News

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x