ජනාධිපති සිංහල ජනතාවට වගේම දෙමළ ජනතාවටත් කරන්නේ හානියක්…! -අර්චුනා රාමනාදන්…
1 min read
අනුරාධපුරේ බොහෝ පන්සල් තිබිය දී සිංහල ජනතාව උතුරට එන්නේ ජාතිවාදය ඇවිස්සීමට බව ජනාධිපති අනුර දිසානායක දෙමළ ජනතාවට පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
ඔහු විමසා සිටින්නේ තමන් දකුණට පැමිණ කුඩා පන්සලකට ගියහොත් එයද ජාතිවාදයද කියාය.
ජනාධිපතිවරයා සිංහල ජනතාවට මෙන්ම දෙමළ ජනතාවටද මෙවැනි ප්‍රකාශ මගින් හානියක් සිදුකරන බව අර්චුනා රාමනාදන් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිංහල ජනතාව අනුරාධපුරය පසුකරගෙන සිල් ගැනීමට උතුරට යන්නේ වෛරය නිසා බවට පසුගියදා යාපනය සංචාරය අතරතුර සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
