January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය, ඇතුළු පාර්ශ්ව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු!

1 min read

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා අවම කර ගැනීම සඳහා අදාල පියවර නොගැනීම නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්‍රකරුවන් ලෙස ජනාධිපති, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, නීතිපති, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර ඇත.

තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන් යටවී විනාශයට පත්වූ බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

මේ නිසා සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත්ව වෘත්තියට දැඩි පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දී තිබේ.

ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව.පෙත්සම්කරු පෙන්වා දී ඇත.

ජනප්‍රිය පුවත්  දේවානිටත් හිමි තනතුරු අහිමිවෙයි.. වෙන කාටවත් මෙහෙම කරන්න එපා! දේවානි ආණ්ඩුවෙන් ඉල්ලයි

මෙවැනි විපතක් පිළිබඳව දැනුවත් කර තිබියදී ඔවුන් පෙර සූදානමකින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බව එම පෙස්සමෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x