චීන ගවේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට තහනම්! මාලදිවයිනට එයි!
1 min read
ශ්‍රී ලංකාව හා ඉන්දියාව විසින් අත්සන් තබා ඇති, රහසිගත ආරක්ෂක ගිවිසුම මගින් ඉන්දියාවේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ සාගර ගවේෂණ යාත්‍රා ශ්‍රී ලංකාව විසින් භාර නොගත යුතු බවට වන කොන්දේසිය පනවා ඇති බැවින්, චීන ගවේෂණ යාත්‍රාවන්ට ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
එම හේතුව මත චීන පර්යේෂණ නෞකාවක් (Da yang hao) අද (22) වන විට, මාලදිවයිනේ ලුවී වරාය සිය ගමනාන්තය ලෙස ප්‍රකාශයට පත් කරමින් ඉන්දියානු සාගරය වෙත ගමන් කරමින් තිබේ. මෙම නෞකාව සාගර පර්යේෂණය සඳහා විශේෂයෙන් යොදාගනුුු ලබන ‘‘දිය යට“ වාහනයකින් ද සමන්විතව තිබේ.
ශ්‍රී ලංකාව සමඟ අත්සන් තැබීමට පෙර ඉන්දියාව මාලදිවයිනට ද බලපෑම් කර තිබුණේ චීන ගවේෂණ යාත්‍රා පැමිණීම වළකන ආරක්ෂක ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කරන ලෙසය. නමුත් මාලදිවයින ආණ්ඩුව ඉන්දියාවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. එහෙත් ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ බලය ලබා ගත් පසු, මාලදිවයින ප්‍රතික්ෂේප කරන ලද එම ආරක්ෂක ගිවිසුමට බාධාවකින් තොරව එකඟ විය. තවමත් එය ඇතුළු ගිවිසුම් 7ක් ප්‍රසිද්ධියට පත්කර නැත.
කෙසේ වෙතත් 2025 ඔක්තෝබර් මාසයේ සිට ඉන්දියානු සාගර කලාපයට ඇතුල් වූ සාගර පර්යේෂණයට අදාළ 6 වැනි නෞකාව මෙයයි.
විශේෂ විමර්ශන අංශය
