ගල් රෝලේ මිල ලක්ෂ 8යි! මගේ මූණ දැක්ක ගමන් ලක්ෂ 6ට දෙන්නම් කිව්වා! – රංජන් ජයලාල්
1 min read
නගර සභාවට ගල් රෝල් තුනක් ගැනීමට වාහන අංගන වෙත ගිය විට එහි මිල ලක්ෂ අටේ සිට හය දක්වා අඩු කළ බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.
“ගල් රෝල් තුනක් ගන්න තීරණය කළා. එහා පැත්තේ තියෙන වාහන අංගනයකට ගියා. ලක්ෂ අටයි. මාව දැක්ක ගමන් කිව්වා ලක්ෂ හයහමාරකට දෙන්නම් කියලා. වෙනස මේකයි.
අපේ ඉන්නවා සමන්ත කියලා මන්ත්රීවරයෙක්. එතුමා ඒක ගන්න ගියාම ලක්ෂ හයට ඒක අඩු කළා. මේකයි වෙනස.
ඇඹුල්ගම තිබ්බා තවත් වාහන ගෙන්වන තැනක්. අපි එතනට ගියා ගල් රෝලක් ගන්න. ලක්ෂ අටයි. මට හයහමාරයි. මන්ත්රීවරයා ගන්න ගියාම හයයි. මේ වෙනස බලන්න. විවේචනය කරන්න කලින්.”
නගරාධිපති රංජන් ජයලාල් මේ බව ප්රකාශ කළේ උත්සව අවස්ථාවක් අමතමිනි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
