January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කෝටි 6ක් වියදම් කර මුද්‍රණය කළ ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික පිටු ගලවා බෙදන්න නියෝග!

1 min read

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සමලිංගික වෙබ් අඩවියට අදාළ කොටස් ඉවත් කර බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අදාළ කොටස් ඉවත් කර එම පොත් බෙදා හැරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

එම පොත් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 6කට අධික මුදලක් වියදම් කර තිබෙන අතර පොත් ලක්ෂ තුනහමාරක් මුද්‍රණය කර තිබෙන බව ද කළු වැව මහතා සඳහන් කර තිබෙනවා.

එම මුද්‍රිත පොත් වල නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් පසු අනෙක් කොටස සහිත පොත බෙදා හැරෙන අතර ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ට වෙනම උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා පවසනවා.

එමෙන්ම කිසිදු මුද්‍රිත පොතක් මේ වන විට පාසල් වෙත බෙදා හැර නොමැති අතර ඒවා මේ වන විට කොළඹ පිහිටි ගබඩාවල ගබඩා කොට තිබෙනවා.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් ඉකුත් දා චෝදනා කළේ හය වැනි ශ්‍රේණියට අදාළ එම මොඩියුලයේ සමලිංගික කටයුතු ප්‍රවර්ධනය කරන බවටයි. ඒ එම මොඩියුලයේ සමලිංගික සහකරුවන් භාවිත කරන වෙබ් අඩවියක යොමුවක් සඳහන් වීම හේතුවෙනි.

ජනප්‍රිය පුවත්  රවීත් ආණ්‍ඩුවේ! නඩුත් ආණ්ඩුවේ!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x