January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කිලිනොච්චි, මුලතිව් හමුදාව නෑ! උතුරෙන් හමුදාව ඉවතට!

1 min read

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ සියළු දෙනාගේ අවධානය එය කෙරෙහි යොමුව පවතිද් දී උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කිරීම දිගින් දිගටම සිදු වෙමින් පවතින බව අපගේ හමුදා ආරංචි මාර්ග සනාථ කර සිටී.

ඒ අනුව, මේ වන විට කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති සියළු හමුදා කඳවුරු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. එම ප්‍රදේශයේ පැවැති SF (විශේෂ බලකායට) අයත් හමුදා කඳවුරක් ද ඉවත් කිරීමට මේ වන විට කටයුතු සිදු කර ඇත.

යුද උපායික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථානයක් වන මුලතිව් දිස්ත්‍රිකකය තුළ ද එකඳු කඳවුරක්වත් නොපවතින බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි යුද හමුදාපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් එම කඳවුරු ඉවත් කිරීමේ තීරණ ගැනෙමින් තිබෙන බව ද පැවසේ.

මේ අතර, හමුදාව අත හැර යන පිරිසේ ප්‍රමාණය ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ. වෙනදා හමුදාව අතහැර යන්නේ පහළ මට්ටමේ හමුදා සාමාජිකයන් වුවද මේ වන විට සෑම මට්ටමකම හමුදා සාමාජිකයන් හමුදාව අතහැර යමින් තිබෙන බව වාර්තා වේ. උග්‍ර වන ජීවන වියදම හමුවේ ලැබෙන වැටුපෙන් සිය දරු පවුල නඩත්තු කිරීමට ඇති නොහැකියාවත්, හමුදාවේ සේවය කිරීම සිය අත්මාභිමානයට හේතුවක් වී නොතිබීමත් ආදී කරුණු රැසක් මෙම හමුදාව අතහැරයාමට හේතු වී තිබේ.

ජනප්‍රිය පුවත්  හරිනි ඉල්ලා අස්වනු! ජ.වි.පෙ.න් බලපෑම්

දැනට දියත් කර ඇති සැළැස්මට අනුව 2030 වන විට යුද හමුදාවේ සම්පූර්ණ සංඛ්‍යාව 60,000ක් දක්වා අඩු කිරීමට නියමිත ය.

මේ අතර, ආණ්ඩුව නව ත්‍රස්ත මර්දන පනතක් ද සම්මත කිරීමට සූදානම් වේ. මෙය එකිනෙකට පරස්පර භාවිතාවක් බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

හමුදාව දුර්වල කර, එමගින් විදෙස් හමුදාවන් මත යැපෙන තත්වයකට ශ්‍රී ලංකාව පත් කිරීම ද මෙම සැළසුමේ කොටසක් බව පැවසේ.

LankaUndergroundNews වාර්තාකරු රවිඳු මළලහේවා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x