March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කන්ටේනර් සිද්ධියේ විමර්ශන කමිටුවෙන් අමාත්‍ය අනුර කරුණාතිලක ඉවත් වෙයි!

1 min read

කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව පිටකිරීමේ සිද්ධිය විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ඉල්ලා අස්වී තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා මෙම කාරක සභාව තෙවන වරටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එදින කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.

අනිවාර්ය භෞතික පරීක්ෂාවන් මඟහැර බහාලුම් මුදා හැරීම සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවේ මූලික වගකීම වේ.

අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සභාපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේ සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කිරීමට පෙරය. ඒ සඳහා නව සාමාජිකයෙක් පත්කරනු ඇත.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x