කගාමේ වන්දනාව
1 min read
ආගමක් ධර්මයක් දන්නේ නැති ජවිපෙ සෙට් එකත් බෞද්ධ විරෝධී “නිරාගමික” ලිබ්බෝ සෙට් එකත් රුවන්ඩාවේ පෝල් කගාමේට පුදුමාකාර විදිහට ලව් කරනවා. පෝල් කගාමේ පල්ලි සහ දේවස්ථාන 6,000 ක් වැහුවා කියන “ප්‍රවෘත්තිය” උඩ දාගෙන ප්‍රචාරය කළෙත් මේ කට්ටිය ම තමයි. මේ කාරණයට අදාළ ඇත්ත කතාව කියන්න කලින් අපි පසුබිම් විස්තර ටිකක් හොයලා බලමු.
1994 අවුරුද්දේ අප්‍රේල් – ජුලි කාලේ රුවන්ඩාවේ මහා මිනිස් ඝාතනයක් සිද්දවෙච්ච බව අපි හැමෝම වගේ අහලා තියෙනවා. මේ කාරණය ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ “රුවන්ඩා සමූලඝාතනය” (Rwandan genocide) කියන නමින්. ඒ රටේ බහුතර ජනවර්ගය වන හුටු (Hutu) අය විසින් දෙවැනි ප්‍රධාන ජනවර්ගයේ – ඒ කියන්නේ ටුට්සි (Tutsi) ජනවර්ගයේ ලක්‍ෂ 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් ඝාතනය කළා කියලා තමයි ඒ කතන්දරෙන් කියන්නේ.
1993 අවුරුද්දේ රුවන්ඩාවේ ටුට්සි මිනිස්සු 950,000 ක් (නව ලක්‍ෂ පනස්දාහක්) විතර හිටියා. ඒක ඒ රටේ ජනගහනයෙන් සීයට 14 ක්. ඉතින් ඒ මහා ඝාතනයෙන් පස්සේ රුවන්ඩාවේ ඉතුරුවෙන්න ඕන ටුට්සි මිනිස්සු තුන් ලක්‍ෂ පනස්දාහක් – හාර ලක්‍ෂ පනස්දාහක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ටුට්සි ජනගහනය මකබෑවිලා තියෙන්න ඕන.
හැබැයි ඒ “සමූලඝාතනයෙන්” පස්සේ සුළුතර ටුට්සි ජනවර්ගය පාලන බලය ලබාගත්තා. මුලින් පාස්තර් බීසිමුංගු (Pasteur Bizimungu) කියන පුද්ගලයා නාමිකව ජනාධිපති කරපු පෝල් කගාමේ උප ජනාධිපති විදිහට රුවන්ඩාව පාලනය කළා. මේ කාරණය අපිට සිරිලංකාවත් එක්ක සන්සන්දනය කරලා බලන්න පුළුවන්. 2009 දී, ලංකාවේ සිංහල මිනිස්සු සමස්ත ජනගහනයෙන් සීයට 75 ක් විතර නියෝජනය කළා. දෙමළ ජනවර්ග දෙක ම එකතු කළාම ඒ අය සමස්ත ජනගහනයෙන් සීයට 15 ක් විතර නියෝජනය කළා. යුද්ධය ඉවරවෙද්දි ප්‍රභාකරන් ජනාධිපති වුණා කියලා හිතමු. අන්න එහෙම දෙයක් තමයි රුවන්ඩාවේ සිද්දවුණේ. ඒ කියන්නේ සුළුතරයේ නායකයා රටේ නායකයා බවට පත්වුණා. රුවන්ඩේ හුටු ජන නියෝජනය සමස්ත ජනගහනයෙන් සීයට 85 ක් කියන එකත් අමතක කරන්න එපා.
1990 – ලක්‍ෂ 74
1993 – ලක්‍ෂ 79
(1994 සමූල ඝාතනය)
1995 – ලක්‍ෂ 56
2000 – ලක්‍ෂ 82
2005 – ලක්‍ෂ 91
2010 – ලක්‍ෂ 103
2015 – ලක්‍ෂ 114
2020 – ලක්‍ෂ 127
2025 – ලක්‍ෂ 144
1995 වෙද්දි රුවන්ඩාවේ ජනගහනය ලක්‍ෂ 20 කට වැඩි ප්‍රමාණයකින් අඩුවෙලා තියෙන බව පේනවා. මෙච්චර ප්‍රමාණයක් අඩුවුණේ ඒ ඔක්කොම මියගිය හින්දා කියලා හිතන්න එපා. ඇතිවෙච්ච පාලන පෙරැළියත් එක්ක විශාල ජනගහනයක් රටින් පැනලා ගියා.
දැන් අපි බලමු රුවන්ඩාවේ වාර්ගික ප්‍රතිශතය වෙනස්වෙලා තියෙන විදිහ. මේ දත්ත ඉදිරිපත් කරලා තියෙන්නේ හුටු – ටුට්සි – ත්වා කියන පිළිවෙළට.
1990 = 85% – 14% – 1%
1993 = 85% – 14% – 1%
1995 = 85% – 14% – 1%
2000 = 85% – 14% – 1%
2005 = 85% – 14% – 1%
2010 = 85% – 14% – 1%
2015 = 85% – 14% – 1%
2020 = 85% – 14% – 1%
2025 = 85% – 14% – 1%
මේ වාර්ගික නියෝජනය දකිද්දි මොකක්ද හිතෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
සුළුතර නායකයෙක්ට බලය ඇරැගෙන දීර්ඝ කාලයක් රටක් පාලනය කරන්න අමාරුයි. ඉතින් මේ අමාරුව ගැන හොඳින් දන්න පෝල් කගාමේ ඉතාමත් මර්දනකාරි වැඩපිළිවෙළක් අනුගමනය කරන්න පටන්ගත්තා.
රුවන්ඩාවේ හිරකාර අනුපාතය (Incarceration rate) ලෝකයේ රටවල් අතර ඉහළ ම අගයක් ගන්නවා. ඒ ප්‍රමාණය ජනගහනයෙන් ලක්‍ෂයකට 637 ක් තරම් ඉහළ අගයක්. අපේ රටේ ඒ ප්‍රමාණය ලක්‍ෂයකට 131 ක් විතර ඇති.
රුවන්ඩාවේ ක්‍රිස්තියානි / කතෝලික ආගමික ඉතිහාසයට අවුරුදු 125 ක් විතර ඇති. 1900 දී තමයි ඒ රටට මුලින් ම ක්‍රිස්තියානි ආගම හඳුන්වලා දීලා තියෙන්නේ. කගාමේ කතෝලික ආගම අදහන කෙනෙක්. ඔහු රුවන්ඩාවේ කතෝලික සභාවත් එක්ක ඉතාමත් ළඟ සම්බන්ධයක් පවත්වනවා. 1994 “සමූලඝාතනයෙන්” පස්සේ බහුතර හුටු ජනගහනයේ විශාල පිරිසක් ක්‍රිස්තියානි ශුභාරංචි පල්ලිවලට බැඳෙන්න පටන්ගත්තා.
2000 අවුරුද්දේ පෝල් කගාමේ නිල වශයෙන් ම ජනාධිපතිකම භාරගත්තාට පස්සේ බහුතර හුටු මිනිස්සු සුළුතර ටුට්සි පාලනයට විරුද්ධව “රුවන්ඩාව නිදහස් කරගැනීමේ ප්‍රජාතාන්ත්‍රික හමුදාව” (Democratic Forces for the Liberation of Rwanda) කියන නමින් සන්නද්ධ අරගලයක් පටන්ගත්තා. මේ හමුදාව කඳවුරු බැඳගෙන ඉන්නේ රුවන්ඩාවේ බටහිර මායිමේ තියෙන කොංගෝවේ නැගෙනහිර පැත්තේ.
මේ හමුදාව පිරිිස් බඳවාගන්න උඩින් කියපු ශුභාරංචි ක්‍රිස්තියානි පල්ලි පාවිච්චි කරනවා. එහෙම වැඩක් රටේ ජනාධිපතිවරයාට හොරෙන් කරන්න බෑනේ. මේ කාරණය කගාමේ ඉතාමත් හොඳින් දන්නවා. ඉතින් තමන්ට විරුද්ධ මේ හමුදා හැදිල්ලට බාධා කරන්න ඕන විදිහත් කගාමේ දන්නවා. ඔහු ඒ වෙනුවෙන් හදපු වැඩපිළිවෙළ තමයි “නීත්‍යානුකූල අවශ්‍යතා සම්පූර්ණ කරපු නැති පල්ලි” වහලා දාන වැඩේ. ඉතින් මේ වෙද්දි එහෙම “නීති විරෝධි පල්ලි” දහ දාහක් විතර වහලා දාන්න කගාමේ කටයුතු කරලා.
මේ කාරණයට අදාළ කෑල්ලක් අහුලගත්තාම අපේ ආගමක් ධර්මයක් දන්නේ නැති ජවිපෙ සෙට් එකටත් බෞද්ධ විරෝධී “නිරාගමික” ලිබ්බෝ සෙට් එකටත් මාර ජොලි. “අනේ අපේ පන්සල් ටික වහලා දාන්න පුළුවන් නායකයෙක් අපිට නෑනේ” කියලා ඒ අය වැළැපෙනවා.
මෙන්න මේකට තමයි “කගාමේ වන්දනාව” කියලා කියන්නේ.
(රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ කතෝලික බිෂොප්ලා එක්ක ගත්ත ඡායාරූපයක් තමයි මේ එක්ක පළ කරන්නේ)
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
