March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඔව්! මම තමයි නීතිපති! – දිලීප පීරිස්

1 min read

අද (28) රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව වූ නඩුවේ දී දිලීප පීරිස් තමන් නීතිපතිවරයා ලෙස හුවා දක්වමින් කරුණු ඉදිරිපත් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් දිලීප පීරිස් පවසා ඇත්තේ තමන් නීතිපතිවරයා බවයි. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.

අප වෙත වාර්තා වන පරිදි, ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ ත්‍රීපුද්ගල මහාධිකරණයක් හමුවට මෙම නඩුව රැගෙන යාමට ය.

එමගින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මීට අමතරව, ඉදිරි කාලය තුළ විමල් වීරවංශ ඇතුළු විපක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් දැනට පවත්නා නඩු විභාග ඔස්සේ වරදකරුවන් කර සිරගත කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර තිබේ.

චතුර වැල්ලත්ත

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x