එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | උතුරේ තියෙන විහාරස්ථානවලට ගිහින් සිල් ගන්න බෞද්ධයන්ට තහනම්ද?
1 min read
බෞද්ධ ජනතාව සිල්ගත යුත්තේ ගමේ පන්සලේ පමණක්දැයි උතුරට ගොස් සිල් ගන්න තහනම් දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රශ්න කරයි.
“උතුරේ තියෙන විහාරස්ථානවලට ගිහින් සිල් ගන්න බෞද්ධයන්ට තහනම්ද? ගමේ පන්සලේ විතරද එතකොට සිල් ගන්න ඕන. මේ රටේ මුස්ලිම් ජනතාව මක්කම යන්න එපාද? අපි බුද්ධගයාව වඳින්න එපාද? කතරගමට එන්න දෙමළ මිනිස්සුන්ට අයිතියක් නැද්ද එහේ ඕන තරම් හින්දු කෝවිල් තියෙනවා කියලා. මඩුපල්ලි යන්න ඕන නැද්ද කතෝලික මිනිස්සු තව ඕන තරම් පල්ලි තියෙනවා කියලා.
මේ රටේ කිසිම ආගමික භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න මේ ලොන්තපොල් පාපිස්සකට බලයක් නෑ. අතනට ගියාම ඒ ඡන්ද ටිකට කෙළ හලනවා, එතන චූන් කරන්න කටට එන ඕන කට කැඩිච්චි කතාවක් කියනවා. අර එළාර කියන දකුණු ඉන්දිය ආක්‍රමණිකයා මැරෙන වෙලාවේ කිව්වලු මං සිංහලයෙක් වෙලා හරි ජාතියෙන් පළිගන්නවා කියලා. මට නම් පේන්නේ ඒක වෙලා වගේ. එළාරව වැහිලා එළියට එනවා.”
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
