March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති එයි

1 min read

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .

ඔහු සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ .

ඔවුන් අද දින උදෑසන 09.11 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ඩේවිඩ් ලැමී මහතා ඇතුළු පිරිස සවස ආපසු පිටත්ව යාමට නියමිතය .

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x