උතුරේ පුරාවිද්‍යා නාම පුවරු ගලවයි…කුණු ලොරිවල පටවා රැගෙන යයි!
1 min read
මඩකළපුවේ මන්මුනෙයි දකුණ, කෝරළපත්තු – වාලච්චේන ඇතුළු ප්‍රදේශීය සභා කීපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් කිරීමට දේශපාලන නායකයන් කටයුතු කරනු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බව වීඩියෝ පට ඔස්සේ දැක ගැනීමට හැක.
මෙසේ ඉවත් කරන පුරාවිද්‍යා ස්ථාන අතර තාන්දාමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි, සොරාවෙලි, මුරුන්කන්තිවු යනාදී පුරාවිද්‍යා ස්ථාන වන බව පෙනෙන්නට තිබේ.
මෙම පුරාවිද්‍යා ස්ථාන නාමපුවරු ගලවා ඉවත් කිරීමේ කටයුතු සදහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රදේශීය නායකයන් ද එක්ව ඇති අයුරු දක්නට ලැබේ..
අදාල වීඩියෝව පහතින්
