March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානය සමඟ තේ ගණුදෙනුවලට ගියොත් අපිට මොනවා වෙයිද?

1 min read

ඉරානය සමඟ ගණුදෙනු කරන රටවල් සඳහා එක්සත් ජනපදය 25%ක තිරු බදු පනවන බවට සිදු කළ තර්ජනය හමුවේ ඉරානය සමඟ තේ ගණුදෙනු සිදු කිරීම ශ්‍රී ලංකාවේ රජයේ තීරණය අනුව සිදු විය යුත්තක් බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පවසා තිබෙනවා.

ඉරානය සමඟ වෙළඳාම් කරන රටවලට ඇමරිකා එක්සත් ජනපදය විසින් සියයට 25 ක අතිරේක තීරු බදු පැනවීමේ ඇති විය හැකි බව පසුගිය දා අමෙරිකා එක්සත් ජනපදය විසින් දැනුම් දුන් තීරණයකි.

දෙරට අතර ද්වීපාර්ශවික සම්බන්ධතා එවැනි අනතුරු ඇඟවීමකට මුහුණ දීමට තරම් ශක්තිමත් බව තානාපතිවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අවසාන තීරණය ශ්‍රී ලංකා රජය සතු වන බවයි ඔහු පවසා ඇත්තේ.

කොළඹ තානාපති නිවසේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ඉරානය සමඟ තේ ගණුදෙනු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්ද යන්න රජය පාර්ශවයෙන් ප්‍රශ්න කළ යුත්තක් බවයි.

ශ්‍රී ලංකාවේ තේ වල ප්‍රධාන ගැනුම්කරු ලෙස ඉරානය ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම දිගටම කරගෙන යන බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ජනප්‍රිය පුවත්  එපා කියූ “සැප“ ඕනවෙයි! මාදිවෙල මන්ත්‍රී නිවාස වහා AC කර දෙන්නැයි ඉල්ලති…!

” නමුත් ශ්‍රී ලංකා රජයේ තීරණය කුමක් වේදැයි මම දන්නේ නැහැ. ඉරානය වැනි විශාල රටවල් සමඟ ඇති ඉතා පැරණි සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා විමසිලිමත් බව මට විශ්වාසයි.”

ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඉරානය සමඟ වෙළඳාම් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි තෙවන රටවල් හරහාය.

ප්‍රමුඛ ආර්ථික විද්වතෙකු වන රොහාන් සමරජීව මහතාට අනුව මෙම බලපෑම නොතකා ඉරානය සමඟ ආර්ථික ගණුදෙනුවලට යාමෙන් විශාල ලෙස බලපෑම් එල්ල විය හැකිය.

ඔහු වැඩි දුරටත් අදහස් පළ කර ඇත්තේ මෙසේය.

“අපි ඉරානයට තේ විකුණනවා විය හැකිය. අපි ඉරානයෙන් පොහොර වැනි ද්‍රව්‍ය මිලදී ගන්නවා විය හැකිය. එහෙත් එය සිදුවන්නේ තුන්වැනි රටවල් හරහා. තේ අලෙවිය හරහා ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කරන අපනයන සඳහා දැඩි තීරුබදු පැනවීමට හේතු විය හැකිය. මාස කිහිපයක් ඇතුළත, අපට පොහොර සඳහා වැඩි මුදලක් ගෙවීමට හෝ අතරමැදියන්ට තවදුරටත් ලාභ පොහොර ලබා ගත නොහැකි බැවින් හිඟයකට මුහුණ දීමට සිදු විය හැකිය. පාඩු සිදුවනු ඇත. වෙළඳාම ඉතා අවදානම් සහගත වනු ඇත”

ජනප්‍රිය පුවත්  විගණකාධිපති තනතුරට ආණ්ඩුවේ හිතවතෙක්! යටි අරමුණ මෙන්න!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x