ඇමැති වටගලව උපරිමාධිකරණය ට!
1 min read
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලව ජ.වි.පෙ. විනය ක්‍රියාමාර්ග බාර ප්‍රධානියා වන කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි හමුවට කැඳවා තිබේ. කලවැල්ගල චන්ද්‍රාලෝක යනු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකයකු වන අතර, ඉතා අප්‍රකටව ක්‍රියා කරන ප්‍රභලයෙකි. මීට බොහෝ කළකට පෙර, ජාතික භික්ෂු පෙරමුණේ උත්සවයක දී පන්සිල් දීමට ගොස් එක් පන්සිල් පදයක් අමතක වී බලවත් අසීරුතාවට පත් වූයේ ද කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි ය.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි හමුවට කැඳවනු ලැබ ඇත්තේ, ඔහුගේ පුතාගේ අශෝභන ජීවන රටාව හේතුකොටගෙන මතුව තිබෙන ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා ය.
සුනිල් වටගල හා ඔහුගේ බිරිඳ චන්ද්‍රාලෝක හිමි හමුවට කැඳවීමෙන් පසු ප්‍රශ්න කර ඇත්තේ, මත්ද්‍රව්‍ය ලෝලියකු වූ වටගල පුතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙනි. මේ වන විට කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ වෙසෙන තරුණ ගුරුවරියක් විවාහ කර ගැනීමට සැරසෙන වටගල පුතු, එයට දෙමාපියන්ගේ කැමැත්ත නොලැබීම මත අසභ්‍ය වචනයෙන් ඔවුන්ට බැන වැදී තිබේ. ඔහු සිය දෙමාපියන්ට බැන වදින විට, ජ.වි.පෙ. නායකයන් පිළිබඳව ඔහු දන්නා කරුණු ද කියමින් සියලු දෙනා හෑල්ලුවට ලක්කරන බව පැවසේ.
ඔහුගේ මෙම ස්වභාවය ජ.වි.පෙ. ඉහළ නායකත්වයට වාර්තා වීමෙන් පසු, කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි වෙත වටගල හා එම බිරිඳ කැඳවා ප්‍රශ්න කර ඇත. අවසාන නිගමනයකට පැමිණ නැතත්, මෙහිදී ජ.වි.පෙ. ප්‍රතිරූපයට හානි නොවන අයුරින් ”පුත්‍රයා” හසුරුවාගැනීමේ අවශ්‍යතාව නියෝජ්‍ය ඇමැතිවරයා හමුවේ දැඩිව අවධාරණය කර ඇත.
රවිනාථ කුමාරජීව
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
